Posts

Showing posts from November, 2022

සිත...

  දුර ගමන් යන්නේ  තනිව හැසිරෙන්නේ  කයක්‌   නැති  ගුහාවක සැතපෙන්නේ....  හිතුන හිතුන තැන ඇවිදිමින්  ඉඳහිට තැන තැන නැවතෙමින්  අතු අග පනිනා වානරයෙකු හට  දියෙන් ගොඩ දැමූ කුඩමසෙකු හට  උපමා කරනා මේ සිත  හික්මවා ගත් කෙනෙකු  නිවන් මඟ ජය ගනී පබසර වූ මේ සිත හික්ම වූ අප බුදු පියා තිලොවට ම අග්‍ර බුදු පැදවිය ලැබ මේ සිත ගැන දෙසා වදාළ සේක....  
අනුන් වැරදි දකින අයට තම වැරදි ම     පෙනේවා  චරිත කතා ලියන අයට තම චරිතය       පෙනේවා තණ්හාවෙන් අන්ධ සිතට අනියත බව   පෙනේවා  කළු වලාවෙ අඳුරු ලොවට රිදී ඉරක්     පෙනේවා    

සාමය....

Image
වෙඩි හඬට හැප්පෙමින්  රක්ත රුධිරය හෙළන  මළ සිරුරු මහ ගොඩක්  මිහිකත වසාගෙන  දෙනෙත් බොඳ කර හඬන  සෝ සුසුම් දරාගෙන  ඉකිගසන හදවතට  ඉරි තැලුණු මිහිමතට වැටුණු   වැහි දිය බිඳු සේ  අස්වැසිල්ලකි  සාමය....

පැතුම.....

සිල්වත් පින්වතුන් ලක්දිව                        ඉපදේවා දුසිල්වතුන් හට සුවසිත්                          ඇතිවේවා ගුණ නැණ පිරි දනන් නිති මෙලොවට  බිහිවේවා සෙනසුන මගේ දින දින ලොව              බැබළේවා  

සතුරා ඉදිරිපිට....

බුදු මැදුරෙහි බුදු පානේ ශාන්ත නිසල පහන් දැල්ල මෙන් ඔබේ සතුරා ඉදිරිපිට නිහඬ ව සිටගෙන සිටින්න...

බිම්බා දේවි....

Image
ඇය පින්වත් කතකි සිදුහත් අත පැතුව නො අඩුව තිබුණි රූ සපුවත් ඇයට සසර පුරා හමු වූ ඒ පුරුද්දට   ප්‍රිය බාරි විය සැමදා ඔහුගේ නමට සසරින් එතෙර වන්නට දුන් උපකාර බුදු සමිඳුන් කෙරේ තිබු ඒ ශ්‍රද්ධාව සැම සැප තිබූවත් මාළිගේ ඇය සතුව අත හැර සියලු දේ දැරුවේ කසී පට සුමිත්‍රාව වී පැතු ඒ ප්‍රාර්ථනා මන්ත්‍රී දේවි වී දරුවන් කැප කෙරුවා මෙලෙසින් එන විටදි සසරේ තිබෙන තුරා එක්‌ යුග පුරුෂයෙකු පැතු ඇය වේ යශෝදරා...

අම්මා.....

Image
  දස මසක් කුසේ දරාගෙන  ඔබ මට ජීවය දී  රක්ත වූ රුධිරය  ක්ෂීර බිඳු බවට හරවා  සෙනෙහසින් මට පොවා  ඇති දැඩි කළ අම්මේ...  ජිවන ගිරිදුර්ගය  තරණය කරනට  යෝධ ශක්තියක්‌ වී  දිනෙක ලොව ජය ගන්න  කියා දුන්නේ ඔබයි...  සරසවි සිහිනය සැබෑ කර  මිණි කිරුළු හිස පළඳන්නට  වෙහෙස වූයේ ඔබයි  මගේ අම්මේ........
නො සිතූ ලෙසින් හමු වී දෙනෙත් යා කරමින් බැඳුණි පෙමින් රහසින්... ආදරේ අකුරු සතරේ අරුත කියා දුන් නුඹ... ඒ අරුත්බර ආදරයේ ගැඹුර කියා දුන් නුඹ... එහි තිබෙන විශ්වාසයෙන් ජීවිතය පිර වූ නුඹ... ම'සිතට සැනසුමයි සිහිවන හැම විටදි නුඹ.......❤️

නින්ද නොයන රෑ......

Image
  නින්ද හරි ම කුරිරුයි  වැඩක් නැත සිතුවිලි ම ගෙන දෙයි  තරුත් හරි පුදුමයි  නිසඳැස් ම ලියවයි......  මතක පොතේ පිටු එකිනෙක පෙරළා  හිතේ සියුම් තැන් පෑරී රිදුනා  කඳුළු කැට මගේ යහනත තෙමනා  වෙලාවයි මහ රෑ......  පින්න හරි ම සීතයි  මතක එක දෙක අවුස්සයි  මද සුළඟ මහ අරුමයි  කඳුළු කැට මුව මතින් පිසලයි......  මා ඔබ ළඟට ගන්නේ  කෙදින දැයි තව ම නොදනී  පාළු රෙද්ද පොරවා ගන්නේ  සිතින් මා ඔබෙ ළඟට එන්නේ......  සඳ දිළෙන අහසේ   තාරුකා මල් හිනැහේ   සිහිනෙන් ඇවිත් රහසේ  දෙකම්මුල් සිප ගත්තේ.....  ඉක්මනින් දින සති ගෙවේවී  සැනින් ඔබ මා ළඟට ඒවී  මතක පොතේ නව පිටුවක් ඇරඹේ  ආදරෙන් දෙහිත ම පිරේවී......  

ගබ්සාව...

මංගල රැයක සිහිනය බොඳ කරමින් රැඟූ කෙළියක අරුමය විඳවන්න වූයේ නුඹටයි මයෙ දුවේ.... දරු ස්නේහයක් නැති දුර් ගැහැනියක් නොවෙමි මම... නුඹව වැදූ දාට පිය සෙනෙහසක් කොයින්දෝ නුඹට මම මව් වෙමි ඔබට ජීවය දුන් නොව නුඹ මරා ගත... පිරිමින්ගෙ පාප කඳයි මම ඉහිලුවේ අද... ගෑනු අපි අසරණයි කවදත් පිරිමින්ගේ ආටෝප මත... උන් රස උරා බී පලා යයි මත් බමරුන් විලස... පණ ගැහෙන කළලය අයදිනවා හුස්ම... සමා වී නවතපන් මයෙ දුවේ ගැහෙන හදවත දැනට... ලබන බවෙත් මගේ වෙන්නට නැත පැතුමන්... පෙම නැති නිසා නොව නුඹට දැනටත් පාප කඳකි නුඹේ මව...    

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

          ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රධාන මූලාශ්‍රය මහාවංශය යි.එහි ඇතුළත් පණ්ඩුකාභය රජුගේ කතා පුවත විග්‍රහ කර බැලීමෙන් ප්‍රාග් බෞද්ධ ඇදහිලි ක්‍රම ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ   මළවුන් පිදීම                             පණ්ඩුකාභය  රජු අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී චිත්‍රරාජ, කාලවේල, මහේජ සහ චේතිය යන යක්ෂයින් හා යක්ෂණිය සඳහා වාසස්ථාන සාදා දුන් බව මහාවංශයේ දැක්වේ. මොවුන්ගෙන් වැඩි දෙනෙකු පණ්ඩුකාභය රජුට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ අය යි. ඔවුන්ගේ අභාවයෙන් පසු කෘතගුණ සැලකීම වශයෙන් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පූජනීය ස්ථාන පිහිට වූ බව මෙම තොරතුරු අනුව නිගමනය කළ හැකි ය. මළවුන් පිදීමේ සිරිත ලොව බොහෝ රටවල පැවති පුරාණ චාරිත්‍රයකි. ලංකාවේ ද මෙම චාරිත්‍රය පැවති බව පෙනේ. බෞද්ධ යුගයේ පවා මෙම චාරිත්‍රය දක්නට ලැබෙන බව "මහසෙන් රජු" මිය යාමෙන් පසු මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලැබීම ප...

ගැහැනියකගේ කඳුළු 💧

Image
මියුරු සර මුවඟ රැඳි  ඔබේ නිල් දෑස තෙත් වුණේ කිම සදාකාලිකව උරුමයි කඳුළු මිස සොම්නස නොවන්නේ කිමැයි පවසනු මැන

සරසවි සිංහල අඳුරුතුමා....

කව් ලැකිය ලෙව් ලැකිය  සාහිත්‍ය රස නුසුන් කොට විමසමින් නිති හසල දැනුමින්  ජය ටැඹේ මං විවර කරනට.... නවකතා කෙටිකතා සුළුකළිඟුදාවත  සීගිරි ගී සඳැස් නිසදැස් රූපණ කලා ශිල්ප ක්ෂීරය පෙරා රස කර පොවා තනනවා පරපුරක් සිංහල සපයන් ද අරුත් කෙලෙසක වැනුමට ඔබේ රුව ගුණ මුල් වරට සරසවියෙ හමු වූ ආදරණීය සිංහල ගුරුතුමනි... අරුත මෙය යැයි ජිවිතේ පසක් කරනට විරිය දරනා අපේ සිංහල අඳුරු ඔබමයි දුටුගැමුණු රජ පරපුරේ......

හිතුවක්කාරී.......

එදවස වඩාගෙන හිටිය කෙල්ල දැන් නම් හරි දඟ මල්ල ළඟදි බැන්ඳට තැල්ල කරන්නට බැහැ වගෙයි මෙල්ල ලිහලා බැලුවොත් මල්ල ගහන්න හිතෙනවා කැඩෙන්න බෙල්ල ඒත්.... මම ඉවසනවා මගෙ නිසා මේ කෙල්ල.....

දළඹුවෙක්....

දළඹුවෙක් දිග නූලක එල්ලී පහළට ඇදෙන හැටි චූටි මල්ලියේ නො හඬා බලන්නකෝ ඒ දෙස...

අනගි සහෝදරත්වයේ පියසටහන්...

කටු පඳුරු මග නොහැර නුඹ ඇවිද ගිය දුෂ්කර පටුමං දිගේ පතොක් ගස්වලත් විසිතුරු ම මල් පිපෙයි දවසක ඒ මල් සිනා දකින්නට තවත් යමු පියවරක් ඉදිරියට මෙය නැවතුමක් නොවේ තවත් කටු පඳුරු පිරුණු දුෂ්කර මාවතක ඇරඹුමයි... කිසිදින නො පැතු විලසින් හමුවූණු අප මෙතරම් දුර පැමිණියේ ම දුක සතුට ශක්තියක් කරගෙන නොබිඳෙන විශ්වාසයකින්... කරදර කෙතරම් වද දුන්නත් කිසිදින වෙනස් නොවී ආදරයෙන් ළඟින් ම හිඳ කල් ගෙවූ අපට දුක් විඳින්න තනිකමට හුරු වෙන්න අපේ හිත්වල, මේ ලෝකයේ කිසිම තැනක ඉඩක් වෙන්වෙයි කියලා අපට හිතන්න පුළුවන් ද?

අහිමි පිය සෙනෙහස....

අරුත් බර දිවියකට මග හසර කියා දුන් සිත් පුරා විඳින සෙනෙහසේ ගීතය ඔබයි.... දුවේ මගෙ යැයි කියා අඬගසන හඬ නිතර දෙසවනෙහි ගිගුම් දෙයි... මග බලා සිටින 'යුරු දැකගන්න නැත වරම් මගෙ දිවිය එකලු කළ නොනිමි සෙනෙහස ඔබයි...
මාල ගිරවෙකුට මාලය පිල් කළඹක් රන මොණරට රෝස මලට සුවඳ හැඩය ලොවෙන් ලැබන නමුත් දුවේ ඔබට ලැබුණු එකම දිවිය මල් උයනක් කරගන්නට ඔබ මැ වේය ඉටු දෙවියන් මේ මනුලොව සුවඳ කරන...

මහා මායා නොවුණත්....

හතර වරිගය ගැනම හිතලා නිවන් මාවත පිය මනින්නට එක ම පුතු සසුනට පුදා කඳුළු වැල් අතරින් සිනාසුන පාරමීදම් පුරා ඇති ඔබ මහා මායාවක් නොවූවත් පිනෙන් සපිරුණු ලඳකි  ඔබ අම්මේ.... 

පින් බිමේ දී....

සිහිකොට හිමිගෙ ගුණ කඳ පුන්සඳ        පයයි   කලදෝ දියෙන් පරිසරය ම නෑවී                  යයි වනපොත් කරන්නේ අපි බුදු ගුණ            ගීයයි පෝදා ආසිරි රමණීයයි                      පින්සාරයි  පන්සල වෙහෙර බෝ සමිඳුගෙ සිහිල්     ගුණේ  දැල්වෙන පහන් ආලෝකය දුරට             පෙනේ  ගන්ඨාරයේ හඬ මහා කෙළවරට             දැනේ  මහදට වඩිනු මැන බුදු                 හාමුදුරුවනේ 
Image
දෑත අල්ලන් සදා.... ඈත යමු පියඹලා.... ජිවිතේ... හිමිවුණත් වේදනා.... මා.... ගාවින් නතරවෙලා.....

කෝට්ටේ යුගයේ මහා කාව්‍ය සහ ඛණ්ඩ කාව්‍ය....

කාව්‍යශේඛරය:-මහා කාව්‍ය                  කෝට්ටේ යුගයේ තොටගමුවේ විජයබා පරිවේණාධිපති ශ්‍රී රාහුල හිමිපාණන් විසින් රචිත කාව්‍යශේඛරය මහා කාව්‍යයක් වශයෙන් සලකනු ලැබේ. මෙම මහා කාව්‍යයට පෙර ගීතයෙන් පබැඳුණු ප්‍රථම මහා කාව්‍ය වූයේ දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජු විසින් රචිත කව්සිළුමිණ ය. අනතුරුව සිව් පද විරිතින් බැඳුණු එක ම මහා කාව්‍යය වූයේ කාව්‍යශේඛරය යි. කාව්‍යශේඛරය යන්නෙහි අරුත වන්නේ කාව්‍යයන් ගේ ශේඛරය හෙවත් කාව්‍යන්ගේ මුදුන්මල්කඩ යන අර්ථාන්විත නාමය යි. මෙම කාව්‍යශේඛරයට  වස්තු විෂය කොට ගන්නා ලද්දේ ජාතකට්ඨකථාවේ එන සත්තු භත්ත ජාතකය යි.මෙම කාව්‍යය රචනා කරන ලද්දේ කවියෙන් බණ කියන ලෙස සිරි පැරකුම්බා රජුගේ බාල දියණිය වූ උලකුඩය දේවිය ආරාධනා කළ හෙයින් බව ග්‍රන්රථාරම්භයෙහි පහත සඳහන් කාව්‍යයෙන් හෙළි වේ.  උතුම් මෙ  බිසෝ                 සඳ හෙළු බසින් නිසි පද          බැඳ කියනුව බණක්‌                 සොඳ  කෙළෙන් ආරාදනා ...
Image
ඉස්සර ම මං ආස රෝස මල් සුවඳට කටු නිසා හුඟක් අතු කැපුවාම බාගෙට දන්නෙ නෑ ඇයි කියා ආදරේ ඕසෙට  කටු ඇනුනේ නෑනේ මට රෝස මල් ඉම්බට 

ජීවිතය හා මරණය...

 බිම් මලක් මුදුනත  රැඳුණු වැලි බිඳ සේ ම ජීවිතය මත අපේ  මරණය ද රැඳී ඇත විකසිත වැ රෑ මැදියම නැගෙන්නට පෙර අරුණලු මියෙන කඩුපුල් මලකි  ජීවිතය අනියත

වඩිනු මැන හිමියනි....

Image
ලක්‌ වැසි දනන් හැම මිසදුටු අඳුරෙ                      බැඳී ගස් ගල්  අදහමින් පසු වුණ යුගයක                        දී සදහම් පණිවුඩය ගෙන අමසුවය දි                          දී අනුබුදු පියා හෙළ දෙරණට වඩින                          ලදී අනුබුදු පියාණෙනි මෙහි ඔබ                   නොවඩින්න දාගැබ් පිළිම කෝ දහමක්                            පවතින්න සිදු වී එදා මෙන් ගහකොළ                           අදහන්න අපටත් තිබුණි මොහඳුරේ වෙළි වෙළි               ඉන්න සිරි සදහම් දියෙන් නාවා සුවඳ              ...

වඳිම් අම්මේ ඔබෙ දෙපා🙏...

Image
  මහා සමනල කන්ද මුදුනේදි පෙනෙන ඉර සේවය වගේ සදා සන්තක සොම්නසින් ඇය හිනැහුණේ සමනොළ වගේ  ඔබේ ගුණ හරියට ම අම්මේ ගලන මහවැලි ගඟ වගේ ලිහිණි හෙල ළඟ පා ගැටෙද්දී සිත ම බුදු පාමුල තබා රිදුන පැරදුන වැටුණ හැම විට මහා කරුණාවෙන් බලා මහා ගිරි දඹ නගින අත්වැල දොළොස් මහ පහනක් වුණා මහා මළුවේ තබා නළලත වඳිමි අම්මෙ ඔබෙ දෙපා..🙏🙏 

මම........

සෙවන දෙමි හැකි පමණ විහිදමින් අතුපතර රස පිරුණු ඵල ගෙනෙමි පුරවමින් රස නහර සුවඳ මල් උපද්දමි සුව ගෙනෙන්නට සිතට රුක්ෂයක් ලෙස දිලෙමි නුඹ දිවිය පුරා මම

මල හා මිනිස් සබැඳියාව....

Image
                  සුන්දරත්වය මුහුකුරා යන දසුනක දැක්ම වෙත මිනිස් හද ක්‍රියා කරනුයේ මනෝචිත ව ය.මලක් දුටු කල නෙතඟ වෑහෙන අපරමිත ස්නේහය පරිසමාප්ත වචනයකට නැගිය නොහැක්කක් නොවේ ම ය. ජනිත මනෝභාව හමුවේ සිරුර පුරා දිවයන්නක් ලෙසින් එය හැඳින්වුව මනා ය. සුපුෂ්පිත මලක හා මිනිස් සබැඳියාව කෙතෙක් තීව්‍ර දෙයක් ද යන්න යථෝක්ත පාඨ  හමුවේ අපට පසක් කරගත හැකිය.                   මල වනාහි අසුන්දරත්වය ප්‍රතික්ෂේපිත  සුන්දරත්වයේ සංකේතය බඳු ය. සොබාදහමෙන් නිර්මිත වූ පෘථුල සංකේතය නන් දෙස විසිර ඇතත් ඒ කරා නො දැනුවත් ව ම වූ බැල්මකින් හැර අවධානයෙන් ම යොමු වන්නේ කොතෙක් සීමිත පිරිසක් ද? විවිධ වර්ණයන්ගෙන් යුතු ව ප්‍රමාණාත්මක හා ගුණාත්මක අගයක් ගන්නා මල් සුලභ -දුලභ මත හා සුගන්ධය මත වත්මනේ තීරණය වන්නක් වී ඇත. එනමුත් කෙබඳු මිම්මකට හසු වුව ද මල වනාහි මිනිස් හදින් කෙතෙක් දුරස් වූවක් ද යන්න ඇසුවහොත් පැවසිය හැක්කේ අංශු මාත්‍රයකුදු නොවන තරම් වූ දුරස්ථ බවකි. එය හිතාමතා නොව ස්වභාවයෙන් ම ළබැඳි ස්නේහයක් වැන්න .       ...

•••••••••••?

  සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද?               " මිනිසාට මුහුණ පාන්නට සිදුවන දුක්, සැප ආදී සියල්ල සිදු වන්නේ පූර්ව කර්මයෙන් ය".යන්න දුර්මතයකි. විවිධ විෂම ලෝකයෙහි සියලු දෙය ම පූර්ව කර්මයෙන් සිදුවේ ය යන නියතිවාදය බුදුදහම ප්‍රතික්ෂේප කරයි. ලොව හැම සිදුවීමකට ම ක්‍රියාවකට ම මෙන් ම සෑම වස්තුවක ම ඇතිවීම හා පැවැත්ම කෙරෙහි විවිධ හේතු බලපාන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. පටිච්චසමුප්පාද ධර්මය විවරණය වන්නේ එම න්‍යාය යි.                         අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි මෙන් ම සංයුත්ත නිකායේ වේදනා සංයුත්තයේ මොළිය සීවක සූත්‍රයෙහි ද සඳහන් වන අන්දමට අපගේ සැප හා දුක් විඳීම්වලට බලපාන හේතු අටක් වෙයි. වාතය,පිත, සෙම මේ තුන්දොස් ම කිපීම (සන්නිපාතය), රිතු විපර්යාසය, විසම දේ පරිහරණය කිරීම, අන්‍යයන්ගේ උපක්‍රම සහ කර්ම විපාක යනු ඒ අටයි. "පිත්තං සෙම්හං ච වාතො ච   සන්නිපාතා උතුනිච   විසමං ඕපක්කමිකො ච   කම්ම විපාකෙන අට්ඨම "                  ...
Image
දයාබර මිතුරිය වෙත,           ඔබ දකින සුබ සිහින     සැබෑ වේවා නිතින     දුකින් තොර වී දිවිය     පිරේවා සතුටින් ම     ලබන හැම දිනයක් ම     ඉසුරුමත් වී නිතින     දීඝායු ලැබේවා!!!     එයයි මගේ පැතුම      නුඹයි මාගේ හොඳ ම මිතුරිය...

සාමය....

තිබිය යුතු ම නොවේ එක් තැනක නිසසල නැති මුත් ඇති කරන්නට ගැහැටක් ශ්‍රමයක් තිබිය යුතු එය සැම මධ්‍යයේ තව ද නිසසල සිත් තුළ සදා නොවෙනස්ව 

LIFE....

  Its complicated and Effectless to find  Answers... Since,it changes  In an instance  While looking for answers It changes again  Into a question... Everything is Temporary... So,when something  Is going good  Enjoy it... Since,it won't  Last forever  If,something  Is going bad Don't worry... It can't  Last forever either......  

අතීතයෙන් බිඳක්....

දුටුවෙමි සුන්දර භවනක්‌ එතැන් පටන් මම පෙරුම් පිරුවෙමි එහි යාමට ඒ පැතුම ඉටු වූයේ නොසිතූ විලසින් ඉබේටම....... අදරැති ගුරුවරුන් සෙනෙහැති යෙහෙළියන් ලබා දුන්නේ  මෙමට අපූර්ව දිරියකි එහි සිප්සතර හැදෑරීමට........ මලිදෙව් මෑණියන්ගේ තුරුලෙහි නැළවී බාධක මගහැර කඩොලු බිඳ දමා ප්‍රීතියෙන් යෙහෙළියන් සමඟ ගෙවා ආ ඒ අතීතය අමතක නොවේ මෙමට කිසිදිනක........

වැළපෙන තාරකාවක්....

නිසල අහසක තනිව උන්නා තාරකාවක් වැළපෙමින් සඳ මඬලක එළිය සොය සොය කඳුළු එක් කර වැළපෙමින් සොයමී දෝ සඳ කාන්තිය තම දුරලනා හදෙ අඳුරු තැන් බලා හිඳිනෙමි නුදුරු දිනකින් ඒවි සඳකැන් හතිලමින් කල්පයක් කල්බලා හිඳිනා සඳ මඬල කිම දෝ කියන චන්ද්‍ර මඬුල්ලේ සැඟවිලා ඇති අර්ථයක් වී ප්‍රේමයෙන් හඬනවා සඳකැන් සොයා තනි තාරකාවිය වැළපෙමින් රකිනවා ඇය ප්‍රේමයෙන් පතිවතත් නොයෙනා අතිනතින්

වැරදීම.....

  ගම්මැද්දේ කෙළිදෙලෙන්  යල මහට ඉපනැල්ලෙ   වෙල් මැදින් දුවපු හැටි  මතකයි ද නයනියේ  සිප් ඔවා මිණි ඔටුනු  මගේ හිස සැරසුවත්  මිරිඟුවට හඹා ගිය  ඔබට නෑ  ඒ කිරුළ හිමි වුණේ  පාසල් පිටිය තුළ  ජය කෙහෙළි නැංවුවත්  ජීවිතය රඟ මඬල  ඇයි ද ඔබ වැනසුවේ  සබරගමු පින් බිමේ  යහළු යෙහෙළියන් අතර  මට තාම දුක දැනේ  එකට සිටි නයනියේ.......  

බලාපොරොත්තුව....

තවමත් අනාගතයට අයිති වර්තමානය තුළ අත්කර ගන්න වෙර දරන සිහිනයයි, බලාපොරොත්තුව ජීවිතයට අරුත් සපයන කාලයේ වටිනාකම කියා දෙන අරමුණයි, බලාපොරොත්තුව දුක් කම්කටොළු සංසිඳුවන සිත් පීඩා දුරු කරලන  දිව ඔසුවයි, බලාපොරොත්තුව  හිමිවන අහිමිවන අනියත ලොව තුළ එකම නියතයයි, බලාපොරොත්තුව

සද්ධර්මාලංකාරය....

                   සද්ධර්මාලංකාරය ගම්පොළ යුගයේ දී රචිත කෘතියකි ඉතිහාසඥයන්ගේ යුග බෙදීම අනුව ගම්පොළ අගනුවර වශයෙන් පැවති සමය ක්‍රිස්තු වර්ෂ 1341- 1415 දක්වා වූ අවුරුදු හැත්තෑ පහකට සීමා වූ කෙටි කාලයක් වුව ද මේ සමය තුළ පවා සාහිත්‍ය උන්නතියක ලකුණු දක්නට ලැබේ. ගම්පොළ රජ පැමිණි හත්වන බුවනෙකබාහු රජු සංඝ සම්මේලනයක් පවත්වා ශාසනික දියුණුවක් ඇති කිරීම සාහිත්‍ය ප්‍රබෝධයට හේතු වූ බව පෙනේ. ගම්පොළ යුගයේ ශාසනික පරිහානිය ඇති වූ කීප අවස්ථාවක සංඝ සංශෝධන කළ බැව් වාර්තා වී තිබේ. කෙසේ වුව ද ගම්පොළ යුගයේ විසූ පැවිදි පඬිවරුන් අතර ප්‍රකට හිමි නමක් වූ ගඩාලාදෙණි විහාරවාසී දේවරක්ඛිත ජයබාහු ධර්මකීර්ති මාහිමියෝ සද්ධර්මාලංකාරයේ කතුවරයාණෝ ය. සද්ධර්මාලංකාරය ලංකා ශාසනික ඉතිහාසය සංක්ෂිප්ත ව දක්වන නිකාය සංග්‍රහය හා පාලි රසවාහිනියේ කතා වස්තු පදනම් කරගෙන සංගෘහිත විශාල ගද්‍ය ග්‍රන්ථයකි.බාලාවතරණ සන්නය, ජිනබෝධාවලිය, නිකාය සංග්‍රහය හා ගඩලාදෙණි සන්නස ද මේ හිමිපාණන් ගේ කෘති බැව් ඇතැම්හු දක්වති.                       ගද්‍ය සාහිත්...

ඇය.....

                  "චූටි බබා  6.00 යි වේලාව" කියලා මගේ කාමරේ දොරට තඩි බාන්නේ උදේ 5.30 ට විතර. මොකද මං උදේ ඇහැරෙන්න කම්මැලියි කියලා හොඳටම දන්නවා.                             උදේ අමාරුවෙන් නැගිටලා uniform ඇඳගන්නකම් "පරක්කු වෙලා, කොච්චර කලින් නැගිටින්න කීවත් අහන්නේ නෑනේ" කියලා මගේ කන පුරෝනවා.ඔය වචන ටිකෙන් බත් ටික කවන්න බෙදන් එනකොට මං කොන්ඩේ ගොතනවා. දහ සැරයක් විතර කොණ්ඩේ ලිහනවා ගොතනවා. ලිහනවා ගොතනවා.      එතකොට "ඔය කොණ්ඩෙ දැන් බෙල්ල ගාවින් ම කපලා දානවා" කියනවා.                බත් කවන කොට අන්තිම කට එපා කීවම  "මේක අනපු අන්තිම කට කන්න කන්න" කියලා බත් ලොකු කටක් බලෙන් ම කටේ ඔබනවා....                   " තාම හැඩ බලනවා, අන්න අරෙහේ school bus එක එනවා ඉක්මනට යන්න" කීවම හැමෝටම වැඳලා එළියට බහිනවා.බත් පෙට්ටියයි, කුඩෙයි ගත්තා ද අහන්නේ උදේ කලබලේට හැමදේ ම අමතක වෙනවා කියල දැනගෙනයි. ...

කැපවීම.......

  මුතු වගේ පොඩි අකුරු  පොත පුරා ලියනවා  රෑ පුරා නිදි නොලැබ  මම අකුරු කරනවා  නිරතුරුව ඉගෙනුමට සිතම යොමු කරනවා මතුදාක ජයගන්න අද වෙහෙස ගන්නවා සරසවිය ඇස් මානෙ මැවි මැවී පෙනෙනවා පොත අතට ගෙන යළිත් නින්ද කල් දමනවා......

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

Image
                             රටක විදේශ විනිමය සපයා ගැනීමෙහි ලා වඩාත් දායක වන එක් ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරය යි. දූපත් ආශ්‍රිත රාජ්‍යයන් හා මුහුදු බඩ රාජ්‍යයන් මෙහිලා කැපී පෙනෙයි. වෙසෙසින් තෙවැනි ලොව රටවල විදේශ විනිමය සපයා ගැනීමේ ප්‍රබල ව්‍යාපාරයක් ලෙස සංචාරක ව්‍යාපාරය හැඳින්විය හැකි ය. රටක ස්වභාවික ආකර්ෂණීයත්වය හා පෞරාණික වටිනාකම් සංචාරකයින් ගෙන්වා ගැනීමට තෝතැන්නක් වේ.  එවනාහි රටක් සංවර්ධනය කරා යන ගමනෙහි වඩා ඉදිරි පියවරක් වේ.විශේෂයෙන් දකුණු ආසියානු සහ බටහිර රාජ්‍යයන්හි ද සංචාරක ව්‍යාපාරය ඉතා පුළුල් ක්ෂේත්‍රයක ව්‍යාප්තව පවත්නා බව දිස්  වේ.                                   ශ්‍රී ලංකාව ද මෙකී කාර්යයට උර දී ඇත්තා සේ ම ඉන් ලැබෙන ආදායම් ද යහපත් ප්‍රගතියක් දක්වයි.ශ්‍රී ලංකාවෙහි පවත්නා ඓතිහාසික ශ්‍රී විභූතිය මෙහි ලා වඩාත් දායක වන අයුරු දැක්නට හැකි ය.වෙසෙසින් අනුරාධපුර, පොළොන්නරුව නටබුන් සහ සීගිරියත් මහනුවර දළදා මැඳුරත්...

අමතමි කඳුල නුඹ.....

Image
නුඹ පෙර මඟට එන විට මා නික්ම ගොස් නුඹට ඉඩ දුන්නෙමි මා පෙර මඟට එන විට නුඹ සැඟව ගොස් මට ද ඉඩ දෙනු ඇත නෙතගට නුඹ පැමිණි විට බොහෝ අය නුඹට සරදම් කරති නික්ම යන ලෙස.... මුවගට මා පැමිණි විට නුඹට සරදම් කළවුන් ම  එක්වෙයි මා සමඟ නමුත් දනිමි මම හොදින් මට වඩා නුඹව  උගතෙකු ලෙස සැබෑ ජීවිතය සහ යථාර්ථය යම් දිනෙක එක් සිතිජ ඉමක නුඹත් මමත් එකට හමු වනු ඇත එවිට අසමි මම "කඳුල නුඹ ද මගේ හොඳ ම යෙහෙළිය කියා..."                                                            මීට                                                       සිනහව  

මලිදෙව් මෑණියනි......

Image
අරුණෝදයේ ළහිරු කිරණින් විකසිත වන  කැකුළුවන් අප හට ලොව දසත ඒ මල් සුවඳ පැතිරවීමට  ගණදුරින් මිදී ආලෝකයට පිය නැඟුමට ඔබ දරන වෙහෙස ඔබ දෙන සහය අතිමහත් ය.... ඔබගේ සෙවණ යට අකුරු කරමින් ඔබෙන් අප ලැබූ කරුණා දයා සෙනෙහස් ගඟ අප හට නිරතුරු සැනසුමක් සුවහසක් ම විය.... නිරතුරුව ම ඔබ අප හට තිළිණ කෙරූ ප්‍රභාලෝකයේ මහිමය කෙදිනක හෝ අප දිවි ගමනේ විජයග්‍රාහී නැවතුම්පොළක් වනවාට සැක නැත...... පුංචි අප හට අනාගතය ජය ගන්නට මංපෙත් හෙළි කරන්නට දේවතාවක් බඳු මලිදෙව් මෑණියනි ඔබට මාගේ ප්‍රණාමය!!!!

අප්පච්චී......

Image
නුඹේ සවිමත් දෙවුරින් පුංචි මා හිඳුවා ගෙන දැකගන්න විඳගන්න  වෙර දරපු ලෝකයේ නියම හැඩය පෙන්වමින් භ්‍රමණය වන ලෝකයේ සෘජුව සිට ගන්න කියා දී නූඹේ සවිමත් කර මතින් නැවත මා ඔසවලා වැටෙන්නට ඉඩ නොදී පොළොවේ ඇවිදින්න කියා දුන් මගේ ම අප්පච්චී....

මවකගේ හමුවීම...

Image
ඇසුනි අඬයි කෑගසයි දුටුවෙමි දඟලයි පෙරලෙයි රුධිර ගලයි දැනුනි ආදරය කරුණාව සෙනෙහස අසුවුනෙමි දෑතකට නොඅඳුනන දැනුනි දැඩි ආරක්ෂාව රැකවරණය හමුවිය කිසිදා නොමියෙන කුළුඳුල් ප්‍රේමය සිතුනි ඒ ඔබ සිනාසුන මං හඬනා එකම දින බව.....

අම්මා....

Image
දහසකුත් දුක් කම්කටොළු මැද ගලන ජීවිතයේ අරුණැල්ල අරුත්බර ප්‍රේමයේ සුන්දරතම වදන වෙනස් වන ලෝකයේ නොවෙනස් වන දයාවිය ලොවෙහි වූ සොඳුරුතම ගැහැණිය                               නුඹයි...

තනිකම.....

  මන්දාරම ඇවිත් එබිකම්                        කරනකොට  හීතල හුළඟ  ඇඟ හිරිගඩු                   නඟනකොට  පැද්දෙන දොර පළුව කෙඳිරිලි                මවනකොට  පාළුව ගී ගයයි තනිකඩ වූ                               හිතට අන්දර වැටෙත් මල් නියඟෙට හැලී                    ගියා බැද්දේ සොඳුරු කිචිබිචියත් නැතිව                    ගියා මල් නැති මදු වැලත්  දඬුවැට මහලු                  නිසා පොඩි දූ ඇවිත් ඇගේ ගෙදරට අරන්                  ගියා  නිදිකුම්බා ඇදී ගෙයි වටපිල                           ...

සිහිනය දිගේ....

  දිවෙන දිගු මාවතේ  නගන හසරැළි ජීවිතේ  දිනෙක කඳුළැලි ගෙනේ  සිහින දකිනා මාවතේ  ගංගාවකි ජීවිතේ  නැගෙයි බාධක මාවතේ  පසු කරන ගල් පර දිගේ  මෙත් සිත් ම පතුරනු මැනේ  නුඹ දකින ඒ සිහිනයේ  ජය දදය අද නොම පෙනේ  සිත් තැවුල් දොම්නස් නැගේ  දිරිය ගෙන ඉවසනු මැනේ  දකින සිහිනය අද දිනයේ  සැබෑ වනු ඇත හෙට දිනේ  ජය දදය ළෙල දෙනු පෙනේ  නැගී සිටිනුය දිවි මඟේ එක් සිත්ව හිනැහෙන මලක් සේ....

මට හිතුන දේ....

ඉගෙනගන්නවා කියන එකත් හරියට අම්මා හදන කොච්චි සම්බෝලේ වගේ..... සැරයි හැබැයි රහයි.......