බලාපොරොත්තුව....
තවමත් අනාගතයට අයිති
වර්තමානය තුළ අත්කර ගන්න වෙර දරන
සිහිනයයි, බලාපොරොත්තුව
ජීවිතයට අරුත් සපයන
කාලයේ වටිනාකම කියා දෙන
අරමුණයි, බලාපොරොත්තුව
දුක් කම්කටොළු සංසිඳුවන
සිත් පීඩා දුරු කරලන
දිව ඔසුවයි, බලාපොරොත්තුව
හිමිවන අහිමිවන
අනියත ලොව තුළ
එකම නියතයයි, බලාපොරොත්තුව
බලාපොරොත්තු දවසක සිහින සැබෑවක් කරයි.🥺
ReplyDelete