Posts

Showing posts from September, 2022
Image
                               (2019) 🌼මගේ මව්‍පියන්ගේ සරසවි අඳුරුතුමියක් වූ මහාචාර්ය කුසුමලතා ලංකාමුල්ල අඳුරුතුමිය හමු වූ එක්‌ සොඳුරු මොහොතක්‌....🌼       මෙම ඡායාරූපය මගේ ජිවිතේ අමතක නොවන ම සුන්දර මතක සටහනකි. ඒ මොහොත හරි ම ආදරණීය යි.එය කෙතරම් ආදරණීය ද යන්න මගේ සහ  ඇයගේ සොඳුරු සිනහවෙන් පෙනේ.සැබැවින් ම ඇය හරි ම කාරුණික නිරහංකාර චරිතයකි.    ................................................................................           මල්ලිටයි මටයි හරි ම සතුටුයි😊. මොකද අම්මාගෙයි අප්පච්චිගෙයි විශ්වවිද්‍යාලෙට ගියානේ. මම නම් හරි ම අසාවෙන් හිටියේ සුනිල් ආරියරත්න සර් බලන්න අම්මාගේයි අප්පච්චිගෙයි සර් කෙනෙකුත් වෙන නිසා. මම ඉතින් සර්ත් එක්ක දූරකථනයෙන් කතා කරලා තිබුණාට දැකලා තිබුණේත් නෑ. එත් දැන් සර් එන්නේ නෑ කිව්වා.ඔන්න අපේ අම්මා අහනවා "මැඩම් වර්ෂා දැන් කොහේද ඉන්නේ "කියලා. බලනකොට වර්ෂා අක්කාත්  ඉන්නේ ජපුරේ ම තමයි කිව්වා.අපේ අම්මත් තවත් කතාවක් කිව්වානෙ "වර්...

මින්නේරි හත් රජ්ජුරුවෝ...

Image
                (අපේ ගමේ කිරි ඉසීමේ මංගල්‍යය)           ශ්‍රී ලංකාද්වීපයේ රජ කළ ගෝඨාභය රජුගේ පුත්රුවන වන මහසෙන් රජතුමා ක්‍රි. ව.236 දී ජෙට්ඨතිස්ස රජුගෙන් පසු රජ විය. පසුව සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් මත මහා විහාරය විනාශ කළ බව මහාවංශයේ කියැවේ. එතුමාගේ ක්‍රියා කලාපය වැරදි යැයි වැටහී පසුව ථේරවාදය පිළිබඳව පැහැදී ජේතවන විහාරය ආදී විහාර රැසක් කරවා ඇත.තවද රට සහලින් ස්වයන්පෝෂණ කිරීම සඳහා "මින්නේරි, මාගල්ල, කවුඩුළු, මාමිණියව, මහගල් කඩවල, හුළුගල්ල, කලපාසාන, නීරාමුල්ල (කිඹුල්වාන වැව ) ආදී වැව් දහසක් ඉදි කළ අතර පබ්බතන්න ඇළ ඇතුළු ඇළ මාර්ග රැසක් ඉදි කර පැවති ඇළ මාර්ග දිගු කළේ ය. මෙතුමා රටට ජනතාවට කළ අපරිමිත මෙහෙය නිසාවෙන් "මින්නේරි දෙවියන්, මහසෙන් දෙවියන්, හත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් " යනාදී ගෞරව නාමයන්ගෙන් ලාංකික ගැමි ජනතාව අතින් පිදුම් ලබයි.                            මා ජිවත් වන දිද්දෙණිය නම් සොඳුරු ග්‍රාමයේ ද "හත් රජ්ජුරු බණ්ඩාර හෙවත් මහසෙන් දෙවියන් වෙනුවෙන් පුද...

අහස...

Image
කප්පරක් බර ආදරයක් හිතේ ගුලි කරගෙන කොහොම ඉන්නවද මන්දා..... ඉතින් එයාට ටිකක් දුක හිතුනම හීන් පොදයක් බෙදනවාලු සතුටු හිතුනම නේක වර්ණවලින් හැඩ වෙලා ලස්සනට හිනා වෙනවාලු ඔන්න ඔහොම දිනක් ගෙවිලා අලුත් දිනක් උදා වෙනකොට නැවුම් බලාපොරොත්තු පොදි බැඳගන පායන හිරු කුමාරයාගේත් තනිය මකනවලු කෙමෙන් කෙමෙන් දහවල ගෙවිලා රෑ බෝවීගෙන එනකොට  සඳ කුමරිගේත් තනිය මකන්නේ මෙයාම තමයි හැබැයි එයා ගොඩක් ම ලස්සන රෑට ලු  එහෙම තමයි හැමෝම කියන්නෙ මොකද දන්නවා ද ඒ එයාගේ ඇඟ ම තරු මල්වලින් හැඩ කරන නිසා කියලා කියලා නිම කරන්න බැරි තරම් ම එයා හරි ම ලස්සනයි ඔබ අනන්තයි...... 🌼ජාතික සාහිත්‍ය උළෙල -2022. 🌼ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 🌼විවෘත අංශය -දෙවන ස්ථානය(නිසදැස් ).

කෙටි කතාව- පන්හිඳක මතක... ✒️

Image
  🌼ජාතික සාහිත්‍ය උළෙල -2022 🌼ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 🌼විවෘත අංශය -ප්‍රථම ස්ථානය (කෙටි කතා )

ක්‍රීඩාවෙන් නිරෝගී යහපත් දිවියක්...

Image
         "අරෝග්‍යා පරමා ලාභා" නිරෝගිකම උතුම් ම ලාභයි. මෙය එදවස අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ගාථාවක ඇති පාඨයකි. බුදු රජාණන් වහන්සේ පවා එදා සිටි තැනැත්තවුන් හට නිරෝගීකම අපට ලැබෙන උතුම් ම ලාබය බව ඉහත ගාථා පාඨය මඟින් දෙසා වදාළහ. එසේ බලන විට ක්‍රීඩාව තුළින් ද ඉතාමත් නිරෝගී දිවියක් අපට ගත කළ හැකි වේ.                             ක්‍රීඩාව තුළින් නිරෝගිමත් ජිවිතයක් ගොඩනගා ගැනීම මෙන්ම  අනාගත දිවි මඟ හැඳින ගැනීම සඳහා බලපාන වැදගත්  ක්ෂේත්‍රයක් ලෙස ක්‍රීඩාව අපට හැඳින්විය හැකිය.මේ සඳහා පාසල් ක්‍රීඩා භූමිය පාසල් දරුවාට ඉතාමත් වැදගත් වේ. ක්‍රීඩාව තුළින් යහපත් සාරධර්මවලින් සපිරුණු පිරිපුන් පුරවැසියෙකු බිහි කළ හැක.                    ක්‍රීඩාවක් කිරීමට තුළින් අපට බොහෝ සාරධර්ම ජිවිතයට එක්‌ කරගත හැකි වේ. ජය පරාජය සමව විඳදරා ගැනීම, විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම, නීති රීතිවලට ගරු කිරීම, විනිසුරු මඬුල්ලේ තීරණය අවසන් තීරණය ල...

ගුරු තරුව...

Image
නෙතු ඉම වසා ලූ තිමිර පට මුදා හැර කඩතුරා බිඳ හැර රිසින් පා නැඟුමට දොරටුවේ නැණ පහන් දැල් වූ ගුරු තරුව ඔබයි...

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...

            අපේ රටේ ඉඩම් කැබලි කරමින් විකිණීම සමාජ ප්‍රශ්න කිහිපයක් ඇති කිරීමට හේතු වී ඇත. ප්‍රධාන වැවිලි බෝගයක් වන පොල් වගාව විනාශ මුඛයට පත් වීම ඉන් ප්‍රධාන ය.                            ජනගහනය වැඩි වීම නිසා විශාල ප්‍රමාණයේ ඉඩම් කැබලි කර විකිණීමෙන් පරිසරය විනාශ වේ. පරිසරයේ ඇති ගස්වැල් විශේෂයෙන් ම රටේ ප්‍රධාන ආර්ථික බෝග වන තේ, පොල්, රබර් ආදිය විනාශ වේ. එනිසා රටේ ආර්ථිකය පහළ බසියි.         ළිඳක්, වැසිකිළියක් හා විධිමත් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් වැනි අත්‍යවශ්‍ය මූලික අංගෝපාංග පවා ඉඳිකර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන සුළු ඉඩකඩක් සහිත මේ බිම් කට්ටිවල ජිවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බලපෑම් එල්ල වී ඇත.                        ඉඩම් කැබලි කිරීමෙන් පරිසරය දූෂණය වේ. එමඟින් මිනිසුන් විවිධ වසංගතයන්ට ගොදුරු වී සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. නිවාස අතරින් තාප්ප ගොඩනැගීමෙන් මිනිසුන් අතර සහජීවනය, එකමුතුකම හා සහයෝ...

තිරසර ගුණැති උතුමෝ පර වැඩෙහි ම යෙදෙති...

Image
"තිරසර ගුණැති සුදනෝ පර වැඩ            නැතිද       වරසුර පුරෙහි වත් නො වසති නිරය        ලෙද       ගොරතර නිරෙහි වත් පරනට වැඩ         ඇතිද       සුරපුර ලෙසට සලකා හැසිරෙත්              නිබඳ "             "බෙහෙවින් ස්ථිරසාර ගුණැති සත් පුරුෂයෝ අනුන් හට යහපතක් නොවේ නම් උතුම් දෙව් ලොව වුවත් නිරය මෙන් සලකා එහි වාසය නොකරති. අනුන් හට වැඩක් සැලසේ නම් අතිශය ඝෝර වූ නරකාදියෙහි වුවත් දෙව් ලොව සේ සලකා නිතර කල් ගෙවති. "මෙලෙස ස්ථිරසාර ගුණ ඇති උතුමෝ අනුන් සඳහා ඇප කැප වී වැඩ කරති. ඔවුන්   මෙත්තා, කරුණා ආදී සතර බ්‍රහ්ම වියරණ ගුණ ඇති ද ඉවසීම, අනුන්ට ආදර්ශවත් බව,කැපවීම ආදී සුදන ගුණවලින් පිරිපුන් බව අපට පැහැදිලි වේ. එසේ ඔවුහු අන් අයට ආදර්ශවත් ලෙස තම දිවිය ගත කරති.                     මෙම තේමාවෙහි සඳහන් පරිදි මෙයට සුදුසු ම නිදසුන ලෙස අපට බුදුරජාණන් වහන්සේ දැක්විය හැකි ය.උ...

අපේ ලෝකය...

Image
රජවරුන් සිටුවරුන් මැති ඇමතිවරු රැස්ව හඬනගා කියනවා දරන්නේ මේ ප්‍රබල වෑයමක් පාට පාට සමනලුන් සුවඳ මල් පිරි මඟක දෙපියලා වඩම්මා රජවරුන් පිරි ලොවක මිණි කිරුළු පළඳවා අභිෂේක කරන්නලු අපි සැවොම සතරතින් උඩ නැගෙන පිරි විස දුමාරය ලෝකයට අරක්ගෙන මද නලෙනි ලෙළ දිදී සිහිල ගෙන දෙන නිබඳ ළදලු ගිනි ගෙ දැවී තුරුලතා සා මුවන් ගජ ඇතුන් වග වළස් කැළ කලින් මියැදිලා ගිරිසිකර හිම පුරා ඇද හැලෙන දිය දහර වියැකිලා ගිනි නැගෙන පුලින තල මතු වෙලා අප නමින් දිව රැයේ ඔබ වෙහෙස වී තනන මන්දිරේ අප සැවොම තනි වෙලා නැත විහඟ මියුරු ගී දෙසවනට නෙත පිනන සොඳුරු රූ හිරවෙලා සිතුවමට හිරු නොපායන ලොවක ඔබ සදන රජ දහන අභිෂේක ලබාගෙන කුමකට ද? තුරු සෙවන සැතපිලා මද නලිනි සැනසිලා විහඟ මධු ගී අසා හිරු එක්ක හිනැහිලා මල් සුවඳ හද පුරා සඳ කුමරි දෙන පෙරා රන් තැටියේ කිරි උරා  හිඳින්නට අත්වැල් බැඳන් රජතුමනි සිටුතුමනි ඔබගෙ ඔය මන්දිරේ පියසි පදනම් පවුරු කඩා සුනුවිසුණු කොට අපට අත වනනු මැන

මහා ගස මියැදුනා....

දලු ලා මල් ලා ඵල බර වී බිම ගෑවෙන තෙක් අතුපතර නැමී අව්වට වැස්සට සෙවන දුන් ගස එක පිහි පහරින් වැටුණි කැපී අතුපතර කඩාගෙන මහ හඬින් හඬාගෙන මහා ගස වැටුණා මහ පොළොව දෙදරවා වලාකුළු පුපුරුවා පර්වතය පෙරළුනා මේ මහා පොළොව මත පෙනෙන්නට ඉතිරි වී ඇත්තේ කිසි මසක් නැති කිසි ලෙයක් නැති දරට දරදඬු වුණු ලී කැබලි පමණක් ද?