ළමා පරපුර රටේත්; ජාතියේත් ජීවනාලිය සේ සැලකිය හැකි ය. එයට හේතු රැසකි. අනාගතයේදී රට, ජාතිය තමා අතට පවරා ගැනීමට උරුමකම් ලත් කොටසක් වීම මෙහි ලා ප්‍රධාන වේ යැයි මම සිතමි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ ළමා පරපුරට මෙහිලා වගකීම් සම්භාරයක් දැරීමට සිදුවී ඇත. අප ජීවත් වන්නේ තවමත් දියුණු වෙමින් පවතින රටක ය. ආහාර ප්‍රශ්නය, නිවාස ප්‍රශ්නය යන බලගතු ප්‍රශ්න රැසකින් අපි වෙළී සිටිමු. අපේ දෙමව්පියන් අඩුපාඩු රැසක් මැද ජීවත් වෙන්නන් හෙයින් ශ්‍රී ලංකාවේ ළමයින් වැඩි කොටසක් නිසි අධ්‍යාපනයක් ලැබීමට නිසි සෞඛ්‍ය පහසුකම් ලැබීමට නොහැකිව ලත වන්නෝ වෙති. මන්දපෝෂණයෙන් පෙලෙන දරුවෝ අප අතර වෙති. ලැබිය යුතු මූලික අධ්‍යාපනයක්වත් නො ලබා අනුන්ට බැලමෙහෙවර කරන අප වැනි සොයුරු සොයුරියන් ද සිටින බව නොරහසකි. රටේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේ දී මේ අය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ කොටස අත් හැර දමා අප රටත් ජාතියත් ගැන සිතන්නේ නම් එය නිශ්ඵල ප්‍රයත්නයක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ උපන් සෑම දරුවෙකුට ම ජාති භේදයකින...