උදය කාලයේ දී ලොව මඟුල් ගෙයක් වැනි ය......
"කුක් කූ කූක් " හඬින් කුකුළු හාමි සුභ උදයක් ළඟා වන බව අපට කියයි. ඒ හඬින් අවදි වූ දහසක් කුරුල්ලෝ සුභ උදයට ආසිරි සංගීත එක් කරයි.සිසිල් සුළඟ අඩවන් දොර කවුළු තුළින් ගෙතුළට ඇදෙයි. තවත් නිදා ඉන්නේ කවුදැයි බැලීමට මෙන් කපුටු හාමි දොරකඩ අඹ අත්තේ ඉඳ විපරම් කරයි.පෑල දොර පැත්තෙන් කිංකිණි හඬ තලමින් දෙමළිති රෑන සැරිසරයි.උදෑසන අවදි වූ අප පිළිගන්නට මිදුලේ රෝස ගස සිනාසෙමින් සිටියි.මල් සුවඳ මුසු මඳ සුළඟ ගත සිත පුබුදු කරමින් හමා යයි. ඈත වෙල්යාය මීදුම් සළුවෙන් වැසී ඇත. කන්ද උඩින් පායා එන ළා හිරු කුමරුගේ රන්වන් රැස් දහරා කෙමෙන් කෙමෙන් තුරු මුදුන් සිප ගනියි. තණග රැඳුණු සීතල පිණි බිඳු මුතු කැට මෙන් දිලිසෙයි. දෙපයට ගැටෙන පිනි බිඳු ගතට අමුතු සිහිලසක් ගෙන දේ. ළිඳ ළඟ සේපාලිකා ගස යට සුදු පියවිලි එලාලූ සේ ය. මද සුළඟේ නැළවෙන තුරු ලතා වේලාසනින් ම අවදි ව කතාබහේ යෙදී සිටින්නාක් වැනි ය. ඒ ගසෙන් මේ ගසට මාරුවෙමින් ගී ගයන කුරුල්ලෝ ආගිය තොරතුරු කතා කරන ලෙස දැනේ. ඇත්තෙන් ම උදෑසන ලෝකය මගුල් ගෙයක් වැනි යැයි මට සිතේ .

හිරු කිරණෙන් මුලු පරිසරයම එළිය කරමින් සුන්දර උදෑසන ගතට සිතට ප්රබෝධයක් ගෙනෙයි. 🤭🌸💕
ReplyDelete🥰
ReplyDelete