ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...

            අපේ රටේ ඉඩම් කැබලි කරමින් විකිණීම සමාජ ප්‍රශ්න කිහිපයක් ඇති කිරීමට හේතු වී ඇත. ප්‍රධාන වැවිලි බෝගයක් වන පොල් වගාව විනාශ මුඛයට පත් වීම ඉන් ප්‍රධාන ය.

                           ජනගහනය වැඩි වීම නිසා විශාල ප්‍රමාණයේ ඉඩම් කැබලි කර විකිණීමෙන් පරිසරය විනාශ වේ. පරිසරයේ ඇති ගස්වැල් විශේෂයෙන් ම රටේ ප්‍රධාන ආර්ථික බෝග වන තේ, පොල්, රබර් ආදිය විනාශ වේ. එනිසා රටේ ආර්ථිකය පහළ බසියි.

        ළිඳක්, වැසිකිළියක් හා විධිමත් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් වැනි අත්‍යවශ්‍ය මූලික අංගෝපාංග පවා ඉඳිකර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන සුළු ඉඩකඩක් සහිත මේ බිම් කට්ටිවල ජිවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බලපෑම් එල්ල වී ඇත. 

                      ඉඩම් කැබලි කිරීමෙන් පරිසරය දූෂණය වේ. එමඟින් මිනිසුන් විවිධ වසංගතයන්ට ගොදුරු වී සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. නිවාස අතරින් තාප්ප ගොඩනැගීමෙන් මිනිසුන් අතර සහජීවනය, එකමුතුකම හා සහයෝගය නැති වී සමාජ ගැටලු ද පැන නගී.

                    අක්කර සිය දහස් ගනන් සිසාරා ඈතට දිවයන නිල්ල ගැසුණු කෙත් යායවල් අද කොන්ක්‍රීට් වනාන්තර බවට පත් වී ඇත. එහි ඇත්තේ අහස දෙසට දිව යන විශාල ගොඩනැඟිලි, කර්මාන්තශාලා ය. සොබාදහම දායාද කළ පරිසරය විනාශ කරමින් ඉඩම් කැබලි කරමින් මිනිසා සිදු කරන්නේ උඩ බලාගන කෙළ ගැසීමකි.

               මෙලෙස විශාල ඉඩම් කැබලි කර විකිණීම මඟින් ප්‍රබල සමාජ ප්‍රශ්න උද්ගත වන අතර ම යහපත් රටක අනාගත පරපුරට දායාද කිරීමට දැන් සිට ම රටට හිතකර සංකල්ප ක්‍රියාත්මක කළ යුතු ය.


🌼සිළුමිණ පුවත්පත 🌼

⭐️සිත්මල් යාය -ළහිරු මඬල ⭐️

Comments

  1. වර්තමාන රටේ සිදුවන අයහපත් තත්වයක්. වටිනා ලිපියක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....