Posts

Showing posts from October, 2022

හිරු උදාව 🌄

Image
               තරු පිරිවරාගන ගණ අඳුර නෑසූ සඳ දෙව්දුව රෑ අහස අලංකාර කළ තාරකාවන් සමඟ පලා යන්නට සැරසෙයි. කදලිවල සීතලට ගුලි වී සිටි විහඟුන් පෙර සිරිතට ම උදෑසන අවදි වී ගී පද බඳින්නට විය. කන් පිනවන කූජනයන්ගෙන් පිනා ගිය දෙසවන් උදේ රැයින් ම මාව අවදි කළේ ය. කඳු මුදුන මතින් දිස්නය දෙන එළියෙන් හිරුගේ පැමිණීම ලොවට ම කියාපායි.                         මුළු පරිසරය ම සමකාමී බවක් දක්නට ඇත. සීතල සුළං රැළි දසදෙස හමා යයි. හිරු උදාවට තැන දී සැඟ වුණු සඳ දෙව්දුව සහ තණ පත් මතට ඉසින ලද දිලිසෙන පිනි බිඳු තව ම මැකී ගොස් නැත. හිරුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින අහස නෙතට සුවයක්‌ ගෙනෙයි. එසේ ම කුරුලු හඬට මුසු වී එන කුකුළන්ගේ උදා ගීතය ද අමුතු මිහිරියාවක් ගෙන එයි.                       පෙරදිග අහස අරුණෝදයේ පෙර මඟ ලකුණු දනවමින් ඇත. කෙමෙන් කෙමෙන් ළා හිරු කිරණ තුරුපත් අතරින් එබී බලමින් සිටියි. මුළු අහස ම අමුතු ම ප්‍රබෝධයකින් ඉපිලී යයි. තුරු අතරින් තණපත් මතට වැටෙන සෞම්‍ය වූ...
  මං ආදරේ ඔයාට නෙමෙයි මගේ හිතේ ඉන්න ඔයාට...❤️

රන් කැත්ත...

Image