සීගිරි කුරුටු ගී...
සිහල කලාගාරය නමින් ප්‍රකට සීගිරිය ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගනියි.සීගිරියේ ඉතිරි වී ඇති ඉතා ම සුවිශේෂ මතක සටහන්වලින් එකක් ලෙස සීගිරි බිතු සිතුවම්වලට පහලින් ඇති කැටපත් පවුර වසා සිටින ගී සමූහය අපට දැක ගත හැකි ය. උසස්, මධ්‍යම, සාමාන්‍ය, පහළ ආදී නන් දෙසින් පැමිණි පුද්ගලයින් කැටපත් පවුරේ ගීත, කවි ලියා ඇති අතර ම ඒ සඳහා වස්තු විෂය වී ඇත්තේ රාජ මාලිගය , සීගිරි සිතුවම්වල ලඳුන් හා අවට පරිසරය යි. සීගිරි කුරුටු ගී කියන විට ම මට නිතැතින් ම සිහියට නැගෙන්නේ අපේ අප්පච්චී ය. ඔහු නිතරම කවි කියයි. ඒ අතර සීගිරි කුරුටු ගීත ද නිතර මගේ සවන් වැකේ. ඒවායින් මා ඉතා ප්‍රිය කරන සීගිරි කුරුටු ගී ද කිහිපයක් ඇත. දකුත් නැමී සිත ගත නෙත ගත කත ළ නොපෙරෙ ජල ගත දැකැ ම නොගත සැබැවැ රජක් නොවි ගත තද ගල ගත බල මග යන්නො යති එති ය නුමුත කොමුළ් අමඩ් ලෙඩ් ලින සී එ බොන්ද මියුර් යහ බැ ...