මගේ විදු මව 🏫


 

රිවි කැලුම් දහරින්

පුබුදුවා කැකුළු මල්

විහිද යන සුගන්ධය

ලෙහි තුරුලු කර හොවා

සිනා කැන් පුබුදුවන

මගේ අම්මා ඔබය...


අඳුරු ආකාසයට

විහිදුවා ලන නිබඳ

රිවි කැලුම් දහරින්

තරු පොකුරු බබුළුවා

ගගන දුළ වනු බලා

තුටු කඳුළු වගුරුවන

මගේ අම්මා ඔබයි...


ඈත දියබට යොමා

පෙරට යන මඟ කියන

රිවි කැලුම් දහරින් 

සයුරු තරණය කරන

තුටු සිනා රැළි නගන

හිස රුවන් කිරුළු ලන

මගේ අම්මා ඔබය..


සසර බව දිගු කරන

රුදුරු ගොර සපු නසා

තිමිර පට ඉරා දා

මෙත් බුදුන් දම් දෙසන

කෙම් බිමට වඩම්මා

අපට ආසිරි වඩන

මගේ අම්මා ඔබයි...


🌼("සිළුමිණ"පුවත්පත -'සිත්මල්යාය'

'ළහිරු මඬල')🌼

Comments

  1. හරි ම ලස්සන පැදි පෙළක්😍.දැනුමින් පෝෂණය කරවා යහ මඟ යැවීමට වෙර දරන අපේ දෙවැනි අම්මා වන් විදු මවට ගරු කරමු. 🙏

    ReplyDelete
  2. පාසල් ජිවිතේ සුන්දරත්වය හා ඉන් අපට ලැබුණු වටිනා දෑ අමතක නොවේ. ලස්සන නිර්මාණයක් 🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...