රාත්‍රීයේ අසිරිය ✨️🌙






තරු හිනැහෙන නිල් අහසේ

රන් තැටියක් සේ බබළන

සඳ කුමරිය එබී බලන

සුන්දර රැය අසිරි මවන


විලේ කුමුදු මල් හිනැහෙයි 

කඩුපුල් මල් ගීත ගයයි

මා වවුලන් නැටුම් නටයි

බකමුණන් තාල් තබයි 


මුතු පලසක් මෙන් දිලිසෙයි

මැද රන් තැටියක් දිදුලයි

රන් තැටියෙන් කිරි ඉතිරෙයි

එය දැක මගේ හද පොපියයි


තරු මුතුපොට මෙන් සෑදෙයි

සඳ වටකර ගීත ගයයි

ඒ ගීයක් අපට ඇසෙයි

රෑ අහසේ අසිරි මවයි


🌼("සිළුමිණ පුවත්පත"-ටිකිරි හමුව )🌼



Comments

  1. හරි ම ලස්සනයි 🥰

    ReplyDelete
  2. අපූරු පැදි පෙළක් 🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...