මහා ගස මියැදුනා....
දලු ලා මල් ලා ඵල බර වී
බිම ගෑවෙන තෙක් අතුපතර නැමී
අව්වට වැස්සට සෙවන දුන් ගස
එක පිහි පහරින් වැටුණි කැපී
අතුපතර කඩාගෙන
මහ හඬින් හඬාගෙන
මහා ගස වැටුණා
මහ පොළොව දෙදරවා
වලාකුළු පුපුරුවා
පර්වතය පෙරළුනා
මේ මහා පොළොව මත
පෙනෙන්නට ඉතිරි වී ඇත්තේ
කිසි මසක් නැති
කිසි ලෙයක් නැති
දරට දරදඬු වුණු
ලී කැබලි පමණක් ද?
👍
ReplyDelete