ක්‍රීඩාවෙන් නිරෝගී යහපත් දිවියක්...






         "අරෝග්‍යා පරමා ලාභා" නිරෝගිකම උතුම් ම ලාභයි. මෙය එදවස අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ගාථාවක ඇති පාඨයකි. බුදු රජාණන් වහන්සේ පවා එදා සිටි තැනැත්තවුන් හට නිරෝගීකම අපට ලැබෙන උතුම් ම ලාබය බව ඉහත ගාථා පාඨය මඟින් දෙසා වදාළහ. එසේ බලන විට ක්‍රීඩාව තුළින් ද ඉතාමත් නිරෝගී දිවියක් අපට ගත කළ හැකි වේ.

                            ක්‍රීඩාව තුළින් නිරෝගිමත් ජිවිතයක් ගොඩනගා ගැනීම මෙන්ම  අනාගත දිවි මඟ හැඳින ගැනීම සඳහා බලපාන වැදගත්  ක්ෂේත්‍රයක් ලෙස ක්‍රීඩාව අපට හැඳින්විය හැකිය.මේ සඳහා පාසල් ක්‍රීඩා භූමිය පාසල් දරුවාට ඉතාමත් වැදගත් වේ. ක්‍රීඩාව තුළින් යහපත් සාරධර්මවලින් සපිරුණු පිරිපුන් පුරවැසියෙකු බිහි කළ හැක.

                   ක්‍රීඩාවක් කිරීමට තුළින් අපට බොහෝ සාරධර්ම ජිවිතයට එක්‌ කරගත හැකි වේ. ජය පරාජය සමව විඳදරා ගැනීම, විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම, නීති රීතිවලට ගරු කිරීම, විනිසුරු මඬුල්ලේ තීරණය අවසන් තීරණය ලෙස පිළිගන එයට විරුද්ධ නොවීම ආදිය ක්‍රීඩාව තුළින් අප ලබන පන්නරය යි.ඒවා අපේ ජිවිතයට බොහෝ වැදගත් වනු ඇත. අපගේ අනාගතය අඳුරු නොවී ආලෝකවත්ව හැඩගස්වා ගැනීමේදී ඉහත කියූ සාරධර්ම බොහෝ සෙයින් අපට පිටිවහලක් වන බව නොඅනුමාන ය.

                               අනාගතය යහපත් කර ගැනීමේ ගමන් මාර්ගය සමන් මල් ඇතිරූ පාවඩ මතින් යන ගමනක් නොවන බව ඔබ අප සියල්ලෝ ම හොඳින් දාන්නා කරුණකි. විවිධ දුක් කම්කටොලු විඳ දරාගෙන අපහසු මඟක යා යුතු අතිදුෂ්කර වූ ගමනක් වේ. මෙසේ ක්‍රීඩාව තුළින් දුක් කම්කටොලු මගහැරදා එයින් ලැබෙන ආදර්ශ, සාරධර්ම තුළින් අපට අනාගතය හැඩ ගස්වා ගත හැකි ය.

                             ක්‍රීඩාව තුළින් අපට යහපත් අනාගතයක් මෙන් ම නිරෝගී ජීවිතයක් ද ගත කළ හැකි වේ. ශරීරය සැහැල්ලු වන අතර ශරීරය හැඩ වීම, විවිධ රෝග ශරීරයෙන් ඉවත් වීම, යමක් දරා සිටීමට ඇති හැකියාව ලැබීම ආදිය ද ක්‍රීඩාව තුළින් අපට ලැබේ. එමඟින් අපගේ ශරීරය නිරෝගිමත් වේ. අප නිරෝගිමත්ව සිටින විට අපගේ අනාගතය ද යහපත් වනු නොඅනුමාන ය. ක්‍රීඩාව තුළින් අප ගත ද නිරෝගිමත් වන අතර ම මනස ද නිරෝගිමත් වේ. ක්‍රීඩාව තුළින් යහපත් සාරධර්මවලින් පිරුණු නිරෝගී දරුවෙක්‌ සමාජයට බිහි වේ. අපි ක්‍රීඩාව තුළින් නිරෝගී දිවියක් මෙන්ම යහපත් අනාගතයක් ද උරුම කරගනිමු.


🌼ලංකාදීප පුවත්පත-ළපටි පෙළ🌼


Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...