අහස...



කප්පරක් බර ආදරයක්

හිතේ ගුලි කරගෙන

කොහොම ඉන්නවද මන්දා.....

ඉතින් එයාට ටිකක් දුක හිතුනම

හීන් පොදයක් බෙදනවාලු

සතුටු හිතුනම

නේක වර්ණවලින් හැඩ වෙලා

ලස්සනට හිනා වෙනවාලු

ඔන්න ඔහොම දිනක් ගෙවිලා

අලුත් දිනක් උදා වෙනකොට

නැවුම් බලාපොරොත්තු පොදි බැඳගන

පායන හිරු කුමාරයාගේත්

තනිය මකනවලු

කෙමෙන් කෙමෙන් දහවල ගෙවිලා

රෑ බෝවීගෙන එනකොට 

සඳ කුමරිගේත් තනිය මකන්නේ

මෙයාම තමයි

හැබැයි එයා ගොඩක් ම ලස්සන රෑට ලු 

එහෙම තමයි හැමෝම කියන්නෙ

මොකද දන්නවා ද ඒ

එයාගේ ඇඟ ම තරු මල්වලින් හැඩ කරන නිසා

කියලා කියලා නිම කරන්න බැරි තරම් ම

එයා හරි ම ලස්සනයි

ඔබ අනන්තයි......


🌼ජාතික සාහිත්‍ය උළෙල -2022.

🌼ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

🌼විවෘත අංශය -දෙවන ස්ථානය(නිසදැස් ).



Comments

  1. අහස දෙස බලා සිටීමත් සිතට සැනසුම දෙන එක්තරා සුන්දර දසුනකි. ලස්සන පැදි පෙළක් 💕

    ReplyDelete
  2. ලස්සනයි 🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...