වැරදීම.....

 ගම්මැද්දේ කෙළිදෙලෙන්

 යල මහට ඉපනැල්ලෙ 

 වෙල් මැදින් දුවපු හැටි

 මතකයි ද නයනියේ

 සිප් ඔවා මිණි ඔටුනු

 මගේ හිස සැරසුවත්

 මිරිඟුවට හඹා ගිය

 ඔබට නෑ

 ඒ කිරුළ හිමි වුණේ

 පාසල් පිටිය තුළ

 ජය කෙහෙළි නැංවුවත්

 ජීවිතය රඟ මඬල

 ඇයි ද ඔබ වැනසුවේ

 සබරගමු පින් බිමේ

 යහළු යෙහෙළියන් අතර

 මට තාම දුක දැනේ

 එකට සිටි නයනියේ.......


 

Comments

  1. පාසල් මතකයත් සරසවි මතකයත් ජීවිතයට ලැබුන සුන්දරම මතක ගොනුවකි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...