තනිකම.....


 මන්දාරම ඇවිත් එබිකම්                        කරනකොට

 හීතල හුළඟ  ඇඟ හිරිගඩු                   නඟනකොට

 පැද්දෙන දොර පළුව කෙඳිරිලි                මවනකොට

 පාළුව ගී ගයයි තනිකඩ වූ                               හිතට


අන්දර වැටෙත් මල් නියඟෙට හැලී                    ගියා

බැද්දේ සොඳුරු කිචිබිචියත් නැතිව                    ගියා

මල් නැති මදු වැලත්  දඬුවැට මහලු                  නිසා

පොඩි දූ ඇවිත් ඇගේ ගෙදරට අරන්                  ගියා


 නිදිකුම්බා ඇදී ගෙයි වටපිල                           ළඟට

 ඔච්චම් කරනවා වාරුව නැති                         හිතට

 තරු පිරිවරා ගෙන ආයෙත්                  හිනැහෙන්ට

 මේ සති අගදිවත් හඳ පායයි ද                         ගෙට 


 




  

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...