ගබ්සාව...

මංගල රැයක සිහිනය

බොඳ කරමින්

රැඟූ කෙළියක අරුමය

විඳවන්න වූයේ නුඹටයි

මයෙ දුවේ....

දරු ස්නේහයක් නැති

දුර් ගැහැනියක්

නොවෙමි මම...

නුඹව වැදූ දාට

පිය සෙනෙහසක්

කොයින්දෝ නුඹට

මම මව් වෙමි

ඔබට ජීවය දුන්

නොව නුඹ මරා ගත...

පිරිමින්ගෙ පාප කඳයි මම

ඉහිලුවේ අද...

ගෑනු අපි අසරණයි කවදත්

පිරිමින්ගේ ආටෝප මත...

උන් රස උරා බී පලා යයි

මත් බමරුන් විලස...

පණ ගැහෙන කළලය

අයදිනවා හුස්ම...

සමා වී නවතපන් මයෙ දුවේ

ගැහෙන හදවත දැනට...

ලබන බවෙත් මගේ වෙන්නට

නැත පැතුමන්...

පෙම නැති නිසා නොව නුඹට

දැනටත් පාප කඳකි

නුඹේ මව...

 





 

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...