අනගි සහෝදරත්වයේ පියසටහන්...

කටු පඳුරු මග නොහැර

නුඹ ඇවිද ගිය

දුෂ්කර පටුමං දිගේ

පතොක් ගස්වලත්

විසිතුරු ම මල් පිපෙයි දවසක

ඒ මල් සිනා දකින්නට

තවත් යමු පියවරක් ඉදිරියට

මෙය නැවතුමක් නොවේ

තවත් කටු පඳුරු පිරුණු

දුෂ්කර මාවතක ඇරඹුමයි...

කිසිදින නො පැතු විලසින්

හමුවූණු අප

මෙතරම් දුර පැමිණියේ ම

දුක සතුට ශක්තියක් කරගෙන

නොබිඳෙන විශ්වාසයකින්...

කරදර කෙතරම් වද දුන්නත්

කිසිදින වෙනස් නොවී

ආදරයෙන් ළඟින් ම හිඳ

කල් ගෙවූ අපට

දුක් විඳින්න තනිකමට හුරු වෙන්න

අපේ හිත්වල, මේ ලෝකයේ කිසිම තැනක

ඉඩක් වෙන්වෙයි කියලා

අපට හිතන්න පුළුවන් ද?

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...