Get link Facebook X Pinterest Email Other Apps - November 23, 2022 ඉස්සර ම මං ආස රෝස මල් සුවඳටකටු නිසා හුඟක් අතු කැපුවාම බාගෙටදන්නෙ නෑ ඇයි කියා ආදරේ ඕසෙට කටු ඇනුනේ නෑනේ මට රෝස මල් ඉම්බට Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousNovember 23, 2022 at 8:58 PM💓ReplyDeleteRepliesReplyAnonymousNovember 24, 2022 at 7:57 AMආදරය ප්‍රකාශ කරන එක්තරා සුන්දර මලකි.🥺🌹ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස... - November 25, 2022 ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රධාන මූලාශ්‍රය මහාවංශය යි.එහි ඇතුළත් පණ්ඩුකාභය රජුගේ කතා පුවත විග්රහ කර බැලීමෙන් ප්රාග් බෞද්ධ ඇදහිලි ක්‍රම ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ මළවුන් පිදීම පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී චිත්‍රරාජ, කාලවේල, මහේජ සහ චේතිය යන යක්ෂයින් හා යක්ෂණිය සඳහා වාසස්ථාන සාදා දුන් බව මහාවංශයේ දැක්වේ. මොවුන්ගෙන් වැඩි දෙනෙකු පණ්ඩුකාභය රජුට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ අය යි. ඔවුන්ගේ අභාවයෙන් පසු කෘතගුණ සැලකීම වශයෙන් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පූජනීය ස්ථාන පිහිට වූ බව මෙම තොරතුරු අනුව නිගමනය කළ හැකි ය. මළවුන් පිදීමේ සිරිත ලොව බොහෝ රටවල පැවති පුරාණ චාරිත්රයකි. ලංකාවේ ද මෙම චාරිත්‍රය පැවති බව පෙනේ. බෞද්ධ යුගයේ පවා මෙම චාරිත්‍රය දක්නට ලැබෙන බව "මහසෙන් රජු" මිය යාමෙන් පසු මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලැබීම ප... Read more
සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව.... - November 13, 2022 රටක විදේශ විනිමය සපයා ගැනීමෙහි ලා වඩාත් දායක වන එක් ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරය යි. දූපත් ආශ්රිත රාජ්‍යයන් හා මුහුදු බඩ රාජ්‍යයන් මෙහිලා කැපී පෙනෙයි. වෙසෙසින් තෙවැනි ලොව රටවල විදේශ විනිමය සපයා ගැනීමේ ප්‍රබල ව්‍යාපාරයක් ලෙස සංචාරක ව්‍යාපාරය හැඳින්විය හැකි ය. රටක ස්වභාවික ආකර්ෂණීයත්වය හා පෞරාණික වටිනාකම් සංචාරකයින් ගෙන්වා ගැනීමට තෝතැන්නක් වේ. එවනාහි රටක් සංවර්ධනය කරා යන ගමනෙහි වඩා ඉදිරි පියවරක් වේ.විශේෂයෙන් දකුණු ආසියානු සහ බටහිර රාජ්‍යයන්හි ද සංචාරක ව්‍යාපාරය ඉතා පුළුල් ක්ෂේත්රයක ව්‍යාප්තව පවත්නා බව දිස් වේ. ශ්‍රී ලංකාව ද මෙකී කාර්යයට උර දී ඇත්තා සේ ම ඉන් ලැබෙන ආදායම් ද යහපත් ප්‍රගතියක් දක්වයි.ශ්‍රී ලංකාවෙහි පවත්නා ඓතිහාසික ශ්‍රී විභූතිය මෙහි ලා වඩාත් දායක වන අයුරු දැක්නට හැකි ය.වෙසෙසින් අනුරාධපුර, පොළොන්නරුව නටබුන් සහ සීගිරියත් මහනුවර දළදා මැඳුරත්... Read more
ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත... - September 09, 2022 අපේ රටේ ඉඩම් කැබලි කරමින් විකිණීම සමාජ ප්‍රශ්න කිහිපයක් ඇති කිරීමට හේතු වී ඇත. ප්‍රධාන වැවිලි බෝගයක් වන පොල් වගාව විනාශ මුඛයට පත් වීම ඉන් ප්‍රධාන ය. ජනගහනය වැඩි වීම නිසා විශාල ප්‍රමාණයේ ඉඩම් කැබලි කර විකිණීමෙන් පරිසරය විනාශ වේ. පරිසරයේ ඇති ගස්වැල් විශේෂයෙන් ම රටේ ප්‍රධාන ආර්ථික බෝග වන තේ, පොල්, රබර් ආදිය විනාශ වේ. එනිසා රටේ ආර්ථිකය පහළ බසියි. ළිඳක්, වැසිකිළියක් හා විධිමත් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් වැනි අත්‍යවශ්‍ය මූලික අංගෝපාංග පවා ඉඳිකර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන සුළු ඉඩකඩක් සහිත මේ බිම් කට්ටිවල ජිවත් වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බලපෑම් එල්ල වී ඇත. ඉඩම් කැබලි කිරීමෙන් පරිසරය දූෂණය වේ. එමඟින් මිනිසුන් විවිධ වසංගතයන්ට ගොදුරු වී සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. නිවාස අතරින් තාප්ප ගොඩනැගීමෙන් මිනිසුන් අතර සහජීවනය, එකමුතුකම හා සහයෝ... Read more
💓
ReplyDeleteආදරය ප්‍රකාශ කරන එක්තරා සුන්දර මලකි.🥺🌹
ReplyDelete