වඳිම් අම්මේ ඔබෙ දෙපා🙏...


 

මහා සමනල කන්ද මුදුනේදි

පෙනෙන ඉර සේවය වගේ

සදා සන්තක සොම්නසින් ඇය

හිනැහුණේ සමනොළ වගේ

 ඔබේ ගුණ හරියට ම අම්මේ

ගලන මහවැලි ගඟ වගේ

ලිහිණි හෙල ළඟ පා ගැටෙද්දී

සිත ම බුදු පාමුල තබා

රිදුන පැරදුන වැටුණ හැම විට

මහා කරුණාවෙන් බලා

මහා ගිරි දඹ නගින අත්වැල

දොළොස් මහ පහනක් වුණා

මහා මළුවේ තබා නළලත

වඳිමි අම්මෙ ඔබෙ දෙපා..🙏🙏 

Comments

  1. අපි වෙනුවෙන් හැමදේම දරාගන්නා ඇය නමින් අම්මා ය. 🥺🌍❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...