වඩිනු මැන හිමියනි....
ලක් වැසි දනන් හැම මිසදුටු අඳුරෙ බැඳී
ගස් ගල් අදහමින් පසු වුණ යුගයක දී
සදහම් පණිවුඩය ගෙන අමසුවය දි දී
අනුබුදු පියා හෙළ දෙරණට වඩින ලදී
අනුබුදු පියාණෙනි මෙහි ඔබ නොවඩින්න
දාගැබ් පිළිම කෝ දහමක් පවතින්න
සිදු වී එදා මෙන් ගහකොළ අදහන්න
අපටත් තිබුණි මොහඳුරේ වෙළි වෙළි ඉන්න
සිරි සදහම් දියෙන් නාවා සුවඳ වුණා
කෙළෙසයි මෙ පින්බිම ඇතැමුන් නොමඟ යනා
ඒ අය නැවත සුමඟට යොමු කරන මෙනා
අනුබුදු පියාණෙනි යළි මෙහි වඩිනු මැනා

🙏🥺
ReplyDelete