සිහිනය දිගේ....

 දිවෙන දිගු මාවතේ

 නගන හසරැළි ජීවිතේ

 දිනෙක කඳුළැලි ගෙනේ

 සිහින දකිනා මාවතේ

 ගංගාවකි ජීවිතේ

 නැගෙයි බාධක මාවතේ

 පසු කරන ගල් පර දිගේ

 මෙත් සිත් ම පතුරනු මැනේ

 නුඹ දකින ඒ සිහිනයේ

 ජය දදය අද නොම පෙනේ

 සිත් තැවුල් දොම්නස් නැගේ

 දිරිය ගෙන ඉවසනු මැනේ

 දකින සිහිනය අද දිනයේ

 සැබෑ වනු ඇත හෙට දිනේ

 ජය දදය ළෙල දෙනු පෙනේ

 නැගී සිටිනුය දිවි මඟේ

එක් සිත්ව හිනැහෙන මලක් සේ....

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...