බිම්බා දේවි....



ඇය පින්වත් කතකි සිදුහත් අත පැතුව

නො අඩුව තිබුණි රූ සපුවත් ඇයට

සසර පුරා හමු වූ ඒ පුරුද්දට  

ප්‍රිය බාරි විය සැමදා ඔහුගේ නමට


සසරින් එතෙර වන්නට දුන් උපකාර

බුදු සමිඳුන් කෙරේ තිබු ඒ ශ්‍රද්ධාව

සැම සැප තිබූවත් මාළිගේ ඇය සතුව

අත හැර සියලු දේ දැරුවේ කසී පට


සුමිත්‍රාව වී පැතු ඒ ප්‍රාර්ථනා

මන්ත්‍රී දේවි වී දරුවන් කැප කෙරුවා

මෙලෙසින් එන විටදි සසරේ තිබෙන තුරා

එක්‌ යුග පුරුෂයෙකු පැතු ඇය වේ යශෝදරා...

Comments

  1. හරි ම ලස්සන පැදි පෙළක් 🥰👍

    ReplyDelete
  2. එකම ආදරයක් පැතූ ඇය යශෝදරාවයි. ❤️🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...