Posts

වැසි දවසක සබරේ අහස යට 🩵

 
Image
පාට පාට මල් කොතෙක් තිබුණත් නෙත් ඇදුනේ කහ මලට.... ආදරේ නිසා ම එය කඩා දුනිමි නුඹට මම.... "මෙන්න කහ මලක්...." නුඹ කිවේ එහෙමයි එතැනින් නුඹේ මුවේ නැඟුණු සිනහව කහ මලේ හැඩ පරදයි.... ඉතින් ඇයි මේ.... ආදරේට රෝස මල්....

ලස්සන මල් පුරෝ ගත්තු ගස් තියෙන්නේ හන්තාන අඩවියේ විතරක් ද?

Image
        කොළ ම කොළ පාටට හැරිලා තිබුණු කොළ එක එක වැටිලා මුළු ගහ ම එක එක පාට ගන්න එක බලන්න මේ පොළොවට පය තියලා බලන්න ම ඕනි දෙයක්....                  ආදරය විතරක් ම පුරවා ගත්තු ගස් යට ඔබ මොබ දුවමින් මල් අහුලන මල් කාරයෝ මල් කාරියන්ටත් වඩා වැඩී යි. ඒ වගේ ම එහෙ මෙහෙ හැරිලා සේයා රූ එකතු කරන උදවිය....                     ඔයා දෙයක් දන්නවා ද? මේ මහපොළොවේ උදවිය හරි ම ආදරණීය යි.මේ මං ආයෙත් කියන්නේ මල් කියන්නෙ ම ලස්සන අමුතු හැඟීමක්...හිතන්නවත් බැරි දරදඬු හිත් තියෙන උදවියත් මේ ගස් යටට වෙලා ඉන්නවා මම ඕනේ තරම් දැකලා තියෙනවා... සුන්දර මලකට පුළුවන් ඕනි ම කෙනෙක් මෙළෙක් කරන්න....         තැනින් තැන මල් පුරෝ ගත්තු ගස් තියෙන්නෙ හන්තාන අඩවියේ විතරක් ද?                   (💚සබරගමුව සරසවිය💚)
Image
  අහස දම් වූ සොඳුරු හවසක  අතින් අත හෙමිහිට තබා  ඉතින් යමු අපි නොපෙනෙනා දුර  අපේ සොඳුරු ම ලොව සොයා....... 
Image
හැඩට මල් පිපුණා ම කැළෑවල හැමදාම විහඟයෝ ගී කීවා එ මල් දැකැ හැමදාම සොඳුරු පෙම් උපදින්නේ හද පත්ලේ හැමදාම ඔබ ළඟින් හිටියා ම සොඳුරු වෙයි හැමදාම 
Image
 තරුත් නොමැතිව රෑට  ගගන වැළැපෙන තරම  දන්නවා නම්  සඳ  අමවකටත් වැඩ
Image
  ඒයි මේ.... ඉතින් මං කියන්නේ බොරු ද?මේ අහසට පුළුවන් අපිව පිස්සු වට්ටන්න🥰 ආදරේ විතරක් ම හිත අස්සට කාවද්දන්න කියලා.... ♥️