"By training the mind into bhavana on body parts,early adulthood can be developed into a life that is full of faith,loving kindness, tolerance, equanimity and amity without obsessive desires for sex. Then ,life becomes full of harmony and more comfortable"
මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...
ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්රධාන මූලාශ්රය මහාවංශය යි.එහි ඇතුළත් පණ්ඩුකාභය රජුගේ කතා පුවත විග්රහ කර බැලීමෙන් ප්රාග් බෞද්ධ ඇදහිලි ක්රම ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ මළවුන් පිදීම පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී චිත්රරාජ, කාලවේල, මහේජ සහ චේතිය යන යක්ෂයින් හා යක්ෂණිය සඳහා වාසස්ථාන සාදා දුන් බව මහාවංශයේ දැක්වේ. මොවුන්ගෙන් වැඩි දෙනෙකු පණ්ඩුකාභය රජුට රාජ්ය බලය ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ අය යි. ඔවුන්ගේ අභාවයෙන් පසු කෘතගුණ සැලකීම වශයෙන් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පූජනීය ස්ථාන පිහිට වූ බව මෙම තොරතුරු අනුව නිගමනය කළ හැකි ය. මළවුන් පිදීමේ සිරිත ලොව බොහෝ රටවල පැවති පුරාණ චාරිත්රයකි. ලංකාවේ ද මෙම චාරිත්රය පැවති බව පෙනේ. බෞද්ධ යුගයේ පවා මෙම චාරිත්රය දක්නට ලැබෙන බව "මහසෙන් රජු" මිය යාමෙන් පසු මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලැබීම ප...

Comments
Post a Comment