දානය වැදගත් ඇයි?

                 


දානය අප මෙතරම් අගය කරන්නේ ඇයි? මෙතරම් ඉහළින් වර්ණනා කරන්නේ ඇයි? ඔබ දන්නවා ද?

🔴දස පාරමිතා අතර පළමුවැන්න දානය යි.

🔴දස උප පාරමිතා අතර පලමුවැන්න දානය යි.

🔴දස පරමත්ථ පාරමිතා අතර පලමුවැන්න දානය යි.

🔴දස රාජ ධර්ම අතර පළමුවැන්න දානය යි.

🔴සතර සංග්‍රහ වස්තු අතර පලමුවැන්න දානය යි.

🔴ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර පළමුවැන්න දානය යි.

 

                මේ අයුරින් බැලූ විට සෑම තැන ම පළමු තැනට දානය පැමිණියේ ඇයි? දන්දීම සිල් රැකීමට වඩා පහසුයි. සිල් රැකීම භාවනා කිරීමට වඩා පහසු ය.ඒ නිසා දාන, සීල, භාවනා ලෙසින් පෙළ ගස්වා ඇත. වෙසක් පොහොයට දන්සැල් දීම සඳහා බොහෝ දෙනා ඉදිරිපත් වෙති. සිල් සමාදන් වෙමුයි කිවහොත් බොහෝ දෙනා පසුබට වෙති. භාවනා කරමුයි කිවහොත් තවත් පිරිස අඩු වේ.ඒ අනුව පෙනී යන්නේ ශ්‍රද්ධාව ඇති කරගෙන පළමුව දානයෙන් ආරම්භ කිරීම වඩාත් යහපත් බව නොවේ ද? 

Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...