උඳුවප් පොහොය....
අනුබුදු මිහිඳු නැඟණිය සඟමිත් තෙරණි
ජය සිරි මහ බෝ අංකුර ගෙන පැමිණි
බුදු පහසින් සම්බුදු ගුණ එහි රැඳිනි
ලක්බිම බුදුන් වැඩ සිටිනා ලෙස දැනිණි
සිරිලක මෙහෙණි සසුනේ ඇරඹුම වී ය
පෑතිස් නිරිඳු බෝ මැඩ රෝපිත දිනය
සිරිපා වැඳුම සමනොල කරුණා සමය
බොදු හදවත් පුබුදන උඳුවප් පොහොය

සිරිපා සමය ආරම්භ වන සුන්දර පොහෝ දිනයකි. ❤️🙏🥺
ReplyDelete