බිම්බාගෙන් සුළු මවට....
පුතා ගිය දිනේ සිට පියතුමන් කරා
ඉතා සොවින් පසු වී හැම දිනේ පුරා
තමාගේ එක ම අරමුණ මුළු හිතේ දරා
මෙසේ කීය ගෝතමියට යසෝදරා
බෝසත් තුමා පොරවා බුදු චීවරය
රහල් පුතාට ද දුන්නේ ඒ වරය
මාළිගේ දසුන් සේරම සෝ බරය
නෑ මා තුළ ද ගිහි දිවියට ආදරය
ඔබත් සුළු මවුනි අප හා මෙතැන සිටී
අදත් ඔබේ සහයෝගය බොහෝ ම වටී
තවත් නො හළමින් සෝ බර කඳුළු කැටී
අපිත් මහණ වී කරගමු සසර කෙටී
දුරු කතර ගෙවා යමු අපහසු පසෙක තියා
පෙරහැරකට පිරිස අද හෙට ගනිමු සොයා
ගුණ පිරි ඔබ තුමිය සිට්යොත් කරුණු කියා
අවසර නොදේවි ද අප හට තිලොව පියා
කවදත් අපට පුළුවනි එකමුතු වෙන්න
දිරිමත් වෙමු කරුණු නැත පසුබැස යන්න
බවලත් පිරිසටත් පැවිදිව සැනසෙන්න
කවුරුත් පිටත් වෙමු බුදු රජ හමු වෙන්න

🥺❤️
ReplyDeleteඅලංකාර පැදි පෙළක් 🥺
ReplyDelete🙏
ReplyDelete