හැන්දෑව.....


පෙනෙයි යක්දෙස්සාව ගස් අතරින්

ගතට සිසිල ගෙන දෙමින් මඳ නල හමා යයි...

වාහනවල හඬ බෙර පදයක් කරගෙන

අහස දෙසට දිව ගිය පොල් ගස්

නර්තන ශිල්පියෙකු ලෙසින්

අතු තාලෙට නටවයි...

රෝස, පිච්ච ආදී පුෂ්පයෝ මුකුලිත වෙති...

ඒත් සමඟ ම සේපාලිකා ඇට්ටේරියා කැකුළියෝ

විකසිත වෙමින් මුළු පරිසරය ම

සුවඳින් නහවති....

යක්දෙස්සාව අතරින් නැඟී හිනැහෙන සඳවතිය

තරු කුමරියන් ද සමඟ වේදිකාවට බට

නර්තන කණ්ඩායමක් සේ ය... 

විටෙක කිරලෙකුගේ නද

වැව් ඉස්මත්ත පුරා ම විහිදී ඇසෙයි...

හැන්දෑව නෙත් පුරා මනරම් සිත්තමක්‌ අඳියි...

 

Comments

  1. සැන්දෑවත් සිත අවුලන මතක ගොන්නක් 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...