ආදරණීය දියණිය වෙතටයි,
ළදරු වියේදී
නුඹ සිත ද අප සිත ද
සැහැල්ලුයි හරි ම සතුටුයි.....
මල්වර ද ළං වන බැව්
සවන් වැකුණු දා මා හට
සතුටු සිනා මැද දුකක් ය
නුඹ ගැන බිය වී.....
දියණිය නුඹ රැකුමට
වගකීම ඇත්තේ මා හට
නුඹ හැදුනට හොඳ විදියට
මිනිසුන් කොහොමදැයි ඉතින්.....
හැඩකාර මල් වටා තමයි
මත් බඹරු රැඳෙන්නේ
උන් තුඩ හරි විසයි දුවේ
අවදියෙන් සිටින්.....
මග හැරුනොත් මේ ඔවදන්
අපි හැමෝම තැවෙයි දුකින්....

🥺
ReplyDelete