සුබ නත්තලක් මරියා........
තද හීතල හිම කුණාටු මැදින්
පිනි මුවෝ එක්ක එන නත්තල් සීයා 🎅......
ඇයි නත්තල් සීයා ගේන තෑගි 🎁......
කොළ පාට වැහෙන්න ම
කහ, රතු නොයෙක් පාට පිරුණු
ලස්සන නත්තල් ගස් 🎄......
රස වෑහෙන පාට පාට අයිසින් තැවරූ
නත්තල් කේක් 🍰......
රතු ඇපල් රස
රතු පාට වයින් 🍷......
රස පිරුණු චොක්ලට් 🍫......
අහසේ හඳ ළඟින් ම පායලා තිබුණු
අර ලස්සන තරුව🌟......
පේනවා ද මරියා අර නත්තල් ගහ උඩ 🎄......
අහස පුරා ම පාට පාට මල් වෙඩි 🎆......
ජේසු බබා ගව ලෙනේ සීතලේ
අම්මා තුරුලේ හොඳට ම දොයි......
පල්ලියේ යාතිකා හඬ හැම තැන ම......
"ස්වර්ගයේ වැඩ සිටිනා අපගේ පියාණෙනි......"
කැරොල් ගීත හඬ
පරිසරය පුරා ම
දෝන්කාර දෙනවා......
ඉතින්......
සුබ නත්තලක් මරියා ♥️......

Merry Christmas 🤶
ReplyDeleteසතුට , සාමය ලොවට හඬ ගා කියන සුභ නත්තලක්.🎁🌲🎅
ReplyDelete