අපි පුංචි ම පුංචි කාලේ දේදුන්නක් පායලා තියනකොට 'අම්මේ, ඒ මොකක්‌ ද?  'කියලා අම්මගෙන් ඇහුවා ම අම්මා කුරුමිට්ටා තියලා යන රත්තරන් කාසි පිරුණු මුට්ටිය ගැන කතා කියනවා.ඒ කතා අහපු දවස්වල ඉඳලා ම මම දේදුන්නට පුදුමාකාර විදියට ආදරෙයි.රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් මේ කියන එක එක පාට පිරුණු සිතුවමක් වගේ දැනෙන හැඟීම ඇත්තටම අකුරු කරන්න හරි ම අමාරුයි.... 🥺❤️  දේදුන්නත් හරියට සමහර ආදර කතා වගේ. එක පාරට ම මතු වෙලා අතුරුදහන් වෙනවා...🙄   හීතලත් එක්ක වැහි බිඳු කීපයක් බිමට වැටෙනකොට අව්වත් ටිකක් තියනකොට දේදුන්න පායන්නේ මුළු නිල් අහස ම හැඩ කරලා🥰....එතකොට අහස දිහා ම බලාගන ඉන්න හිතෙනවා🤗.....ඒ දැනෙන හැඟීම වචනෙන් කියන්න බැරි තරම් ම අපූරු යි... 😍

Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...