හැමදාම බලාගෙන ඉන්නේ ඔයාගේ ළඟට එන්න😍. මං දන්නවා ඔයා ඉක්මනට ම එනවා කියලා මාව එක්කන් යන්න😊.ඒ වගේ ම මං දන්නවා ඔයා මෙච්චර මහන්සි වෙන්නේ ඉක්මනින් ම මාව ඔයාගේ ළඟට ගන්න කියලා. කොච්චර වැඩ තිබුණත් ඔයා කෑවා ද?,හොඳින් නේද?, ඒක කරන්න එපා,පරිස්සමින් ඉන්න කියලා කියපු හැම වචනෙක ම තිබ්බේ ම අසීමිත ආදරයක්🥰.දුක හිතිලා කඳුළු පුරෝගෙන අඬනකොට 🥺 ඔයා මගේ හිත හැදුවා 😊. සතුටු හිතුන හැමවෙලේ ම ඔයත් මාත් එක්ක හිනා වුණා 😊. කොටින් ම කිවොත් දුකේදීත් සතුටෙදීත් ඒ හැමවෙලාවක ම ඔයා මගේ ළඟින් ම හිටියා 🥰. කප්පරක් බර ආදරයක් මං වෙනුවෙන් හිතේ පුරෝගෙන ඉන්න ඔයාට ආදරෙයි ගොඩක් ❤️.....
මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...
ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්රධාන මූලාශ්රය මහාවංශය යි.එහි ඇතුළත් පණ්ඩුකාභය රජුගේ කතා පුවත විග්රහ කර බැලීමෙන් ප්රාග් බෞද්ධ ඇදහිලි ක්රම ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ මළවුන් පිදීම පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී චිත්රරාජ, කාලවේල, මහේජ සහ චේතිය යන යක්ෂයින් හා යක්ෂණිය සඳහා වාසස්ථාන සාදා දුන් බව මහාවංශයේ දැක්වේ. මොවුන්ගෙන් වැඩි දෙනෙකු පණ්ඩුකාභය රජුට රාජ්ය බලය ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ අය යි. ඔවුන්ගේ අභාවයෙන් පසු කෘතගුණ සැලකීම වශයෙන් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පූජනීය ස්ථාන පිහිට වූ බව මෙම තොරතුරු අනුව නිගමනය කළ හැකි ය. මළවුන් පිදීමේ සිරිත ලොව බොහෝ රටවල පැවති පුරාණ චාරිත්රයකි. ලංකාවේ ද මෙම චාරිත්රය පැවති බව පෙනේ. බෞද්ධ යුගයේ පවා මෙම චාරිත්රය දක්නට ලැබෙන බව "මහසෙන් රජු" මිය යාමෙන් පසු මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලැබීම ප...

Comments
Post a Comment