මලිදෙව් මෑණියනි......
අරුණෝදයේ ළහිරු කිරණින් විකසිත වන
කැකුළුවන් අප හට
ලොව දසත ඒ මල් සුවඳ පැතිරවීමට
ගණදුරින් මිදී ආලෝකයට පිය නැඟුමට
ඔබ දරන වෙහෙස
ඔබ දෙන සහය
අතිමහත් ය....
ඔබගේ සෙවණ යට
අකුරු කරමින්
ඔබෙන් අප ලැබූ
කරුණා දයා සෙනෙහස් ගඟ
අප හට නිරතුරු
සැනසුමක් සුවහසක් ම විය....
නිරතුරුව ම
ඔබ අප හට තිළිණ කෙරූ
ප්‍රභාලෝකයේ මහිමය
කෙදිනක හෝ අප දිවි ගමනේ
විජයග්‍රාහී නැවතුම්පොළක්
වනවාට සැක නැත......
පුංචි අප හට
අනාගතය ජය ගන්නට
මංපෙත් හෙළි කරන්නට
දේවතාවක් බඳු
මලිදෙව් මෑණියනි
ඔබට මාගේ ප්‍රණාමය!!!!

💚💛
ReplyDelete