සුදු ගවුම...


අහස් ගැබ හිරු කුමරු සඟවන

එක්තරා හැන්දෑ වරුවක

සිතුනි මතකය අවුස්සන්නට

පරණ බඩු පොඩි අවුස්සන්නට

හදිසියේ....

දැනුණි හුරුපුරුදු බැඳීමක්

සිප්හලට ඇඳි මගේ ම සුදු ගවුම

තවම දිදුළයි සුදෝ සුදුවට

හැඟේ ගත දවටාලන්නට

කැඩපතෙන් හැඩ බලාගන්නට

කොණ්ඩ කරලක් ගොතා පොඩියට

සිනහවකි ඇඳුනෙ මා මුවඟට

කඳුළු කැටි නැගුණේ මා දෙනෙතට

තුරුලු කරගත්තෙමි දෝතින්

පුසුඹ විඳ ගත්තෙමි හද පත්ලෙන්

සොඳුරු මතකයන් රැසක් ගුලි වී

සිතට කොඳුරයි තුටින් හිනැහී

නොමැත එහි කිසිදු වෙනසක්

මතක විහිදයි නැවුම් සුවඳක් 

කොනිත්තන දඟකාර හැඟුමක් 

නතර විය හද මොහොතකට

රැයේ දෙව්දුව නෙත් යොමන්නිය

අඳුර මා ගත වෙලා ගත්ත ද

නොහැක මා සිත වෙලා ගන්නට

සදා පෙම් බඳිනෙමි අතීතෙට...






Comments

  1. පාසල් කාලේ මතක් වුණා 🥺. ලස්සනයි 🥰

    ReplyDelete
  2. ජීවිතේ සුන්දරම කාලේ මතකයට ආවා.❤️ පාසල් කාලේ තරම් සතුටින් හිටපු කාලයක් ආයේ එන් නැති වෙයි. 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...