නින්ද නොයන රෑ......
නින්ද හරි ම කුරිරුයි
වැඩක් නැත සිතුවිලි ම ගෙන දෙයි
තරුත් හරි පුදුමයි
නිසඳැස් ම ලියවයි......
මතක පොතේ පිටු එකිනෙක පෙරළා
හිතේ සියුම් තැන් පෑරී රිදුනා
කඳුළු කැට මගේ යහනත තෙමනා
වෙලාවයි මහ රෑ......
පින්න හරි ම සීතයි
මතක එක දෙක අවුස්සයි
මද සුළඟ මහ අරුමයි
කඳුළු කැට මුව මතින් පිසලයි......
මා ඔබ ළඟට ගන්නේ
කෙදින දැයි තව ම නොදනී
පාළු රෙද්ද පොරවා ගන්නේ
සිතින් මා ඔබෙ ළඟට එන්නේ......
සඳ දිළෙන අහසේ
තාරුකා මල් හිනැහේ
සිහිනෙන් ඇවිත් රහසේ
දෙකම්මුල් සිප ගත්තේ.....
ඉක්මනින් දින සති ගෙවේවී
සැනින් ඔබ මා ළඟට ඒවී
මතක පොතේ නව පිටුවක් ඇරඹේ
ආදරෙන් දෙහිත ම පිරේවී......

මතක් ගොන්නක් අවුස්සන කාලයකි රාත්‍රිය. 🥺
ReplyDelete