අමතමි කඳුල නුඹ.....




නුඹ පෙර මඟට එන විට

මා නික්ම ගොස් නුඹට ඉඩ දුන්නෙමි

මා පෙර මඟට එන විට

නුඹ සැඟව ගොස් මට ද ඉඩ දෙනු ඇත

නෙතගට නුඹ පැමිණි විට

බොහෝ අය නුඹට සරදම් කරති

නික්ම යන ලෙස....

මුවගට මා පැමිණි විට

නුඹට සරදම් කළවුන් ම  එක්වෙයි මා සමඟ

නමුත් දනිමි මම හොදින් මට වඩා නුඹව

 උගතෙකු ලෙස සැබෑ ජීවිතය සහ යථාර්ථය

යම් දිනෙක එක් සිතිජ ඉමක

නුඹත් මමත් එකට හමු වනු ඇත

එවිට අසමි මම

"කඳුල නුඹ ද මගේ හොඳ ම යෙහෙළිය කියා..."

   

                                                       මීට

                                                     සිනහව 

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...