ඇය.....
"චූටි බබා 6.00 යි වේලාව" කියලා මගේ කාමරේ දොරට තඩි බාන්නේ උදේ 5.30 ට විතර. මොකද මං උදේ ඇහැරෙන්න කම්මැලියි කියලා හොඳටම දන්නවා.
උදේ අමාරුවෙන් නැගිටලා uniform ඇඳගන්නකම් "පරක්කු වෙලා, කොච්චර කලින් නැගිටින්න කීවත් අහන්නේ නෑනේ" කියලා මගේ කන පුරෝනවා.ඔය වචන ටිකෙන් බත් ටික කවන්න බෙදන් එනකොට මං කොන්ඩේ ගොතනවා. දහ සැරයක් විතර කොණ්ඩේ ලිහනවා ගොතනවා. ලිහනවා ගොතනවා.
එතකොට "ඔය කොණ්ඩෙ දැන් බෙල්ල ගාවින් ම කපලා දානවා" කියනවා.
බත් කවන කොට අන්තිම කට එපා කීවම "මේක අනපු අන්තිම කට කන්න කන්න" කියලා බත් ලොකු කටක් බලෙන් ම කටේ ඔබනවා....
" තාම හැඩ බලනවා, අන්න අරෙහේ school bus එක එනවා ඉක්මනට යන්න" කීවම හැමෝටම වැඳලා එළියට බහිනවා.බත් පෙට්ටියයි, කුඩෙයි ගත්තා ද අහන්නේ උදේ කලබලේට හැමදේ ම අමතක වෙනවා කියල දැනගෙනයි.
අන්තිමට කීයට ද ගෙදර එන්නේ? පරිස්සමෙන් ගිහින් එන්න කියලා පිටත් කරන්නේ ළඟ තියෙන ආදරය ම මට දීලා...
අවුරුදු 13 ක් ඒ වචන ටික ඇහුනා....
අවුරුදු 18 ක් ම ඒ අසීමිත ආදරේ වින්ඳා....
ඉතිරි අවුරුදු ටික......
දුවෙකුගේ හොඳ ම සමීප මිතුරිය, ශක්තිය, ධෛර්ය, සෙනෙහස, ආරක්ෂාව අම්මා. ඒ සියල්ල දැන් මට අහිමි ය... ඒ අහිංසක ලස්සන රූපය, මතකය පමණක් ඉතිරි කර ඇය ගොසින් ය....
🥺❤️
ReplyDeleteඅම්මා ❤️🌍🥺
ReplyDeleteඅම්මා 🥺❤️🌍
ReplyDeleteසුන්දරම මිතුරිය ඇයයි. 🌍❤️🥺
ReplyDelete