අතීතයෙන් බිඳක්....

දුටුවෙමි සුන්දර භවනක්‌

එතැන් පටන් මම

පෙරුම් පිරුවෙමි එහි යාමට

ඒ පැතුම ඉටු වූයේ

නොසිතූ විලසින්

ඉබේටම.......


අදරැති ගුරුවරුන්

සෙනෙහැති යෙහෙළියන්

ලබා දුන්නේ  මෙමට

අපූර්ව දිරියකි

එහි සිප්සතර

හැදෑරීමට........


මලිදෙව් මෑණියන්ගේ

තුරුලෙහි නැළවී

බාධක මගහැර

කඩොලු බිඳ දමා

ප්‍රීතියෙන් යෙහෙළියන් සමඟ

ගෙවා ආ ඒ අතීතය

අමතක නොවේ මෙමට

කිසිදිනක........



Comments

  1. ජීවිතේ සුන්දරම කාලය. ❤️🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...