වැළපෙන තාරකාවක්....



නිසල අහසක තනිව උන්නා

තාරකාවක් වැළපෙමින්

සඳ මඬලක එළිය සොය සොය

කඳුළු එක් කර වැළපෙමින්

සොයමී දෝ සඳ කාන්තිය තම

දුරලනා හදෙ අඳුරු තැන්

බලා හිඳිනෙමි නුදුරු දිනකින්

ඒවි සඳකැන් හතිලමින්




කල්පයක් කල්බලා හිඳිනා

සඳ මඬල කිම දෝ කියන

චන්ද්‍ර මඬුල්ලේ සැඟවිලා ඇති

අර්ථයක් වී ප්‍රේමයෙන්




හඬනවා සඳකැන් සොයා

තනි තාරකාවිය වැළපෙමින්

රකිනවා ඇය ප්‍රේමයෙන්

පතිවතත් නොයෙනා අතිනතින්

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...