සුන්දර සැන්දෑවක්...
උදෑසන හිනැහෙමින් නැගී ආ ඉරු දෙවියන් බොහෝ වේලාවක් වෙහෙස වීමෙන් විඩාව නිවාලන්නට සයුරේ ගිලෙන්නට ඉතාමත් ආසන්න ය. අවරදිග අහස රක්ත වර්ණ වී ඇත.
හිමිදිරියේ නිවෙස්වලින් ගුරු ගෙදර කරා පියමැන්න පුංචි දරුවන් නිවෙස් කරා පැමිණ ඇත. රැකියාවට ගිය තම දෙමාපියන් නිවසට එනතුරු පුංචි ළදරුවෝ බලා සිටිති. අඳුරු වීමට පෙර තම දරුවන් දැක බලා ගැනීමට ඔවුහු ද යුහුසුළු වෙති.
ගිනියම් හිරු කිරණින් තුරු වඳුල්වල ගස බෙන අතරේ සිටි නොයෙක් නොයෙක් පක්ෂීහු සැන්දෑවේ අසිරිය නරඹමින් තුරු මතට වී ගීත ගායා විගසින් ම තම කැදලි කරා පියඹා ගියේ ඉරු දෙවියන් අවරගිරින් බැස යනු දුටු නිසා ය.
උණුසුම් සුළඟ වෙනුවට සිසිල් මද නල හමා එයි. නෙළුම්, මානෙල් ආදී පස් පියුම්හි පෙති දිය මත වැටී ඒ මේ අත පා වෙන්නේ මෝස්තරයක් ලෙසිනි. දහවල් කාලයේ නන් දෙසින් ඇසුණු ඝෝෂාකාරී නාදය නිමා වී නිහඬ බව මුළු පරිසරය පුරා ම පැතිරී යයි. රැහැයියන්ගේ හඬ ඈතින් ඇසෙයි.නිවැසියෝ තම තමන්ගේ නිවෙස්වල කවුළු පියන් වසා දමති.
සැන්දෑවේ සුන්දරත්වයෙන් ගතට සිතට සැනසිල්ලක් ගෙන එමින් දවසක් නිමා වී යයි. සඳ රැසින් මුළු පරිසරය ම නැහැවී යන්නට ඇත්තේ තව නිමේෂයකි.
🧡
ReplyDeleteසැන්දෑ වෙරළ තීරය හිත නිවන දසුනකි. 🥺❤️
ReplyDelete