මලක මහිම.... 🌼


       

          දෑස් ඇති කවුරුත් මල් දැක ඇතුවාට සැක නැත. මල් කී විගසම කා තුළත් ඇති වන්නේ ප්‍රියජනක හැඟීම් ය. එහි අසිරිමත් බව පිළිබඳ සිතිවිලි ය. ලොව තුළ මල් වර්ග රාශියකි. පාටින්, සුවඳින්, වර්ණයෙන්, පෙනුමින්, ප්‍රමාණයෙන්, හැඩයෙන්, උපත ලබන ස්වභාවයෙන් ආදී වශයෙන් විවිධ වේ. සමහර මල් උදයට හිරු රැසින් පිබිදෙයි. තවත් සමහරක් මල් රෑ කාලයේ සඳ රැස් කාන්තියේ පහසින් පිබිදෙයි.

                     සැදැහැවතුන් හිමිදිරි උදයේ තම ඉටුදෙවියන් පුදන්නට දෝතින් ගන්නේ මල් අහුරකි. ජාති භේද, කුල භේද නොසලකා ලොකු කුඩා කාගේත් ජිවිතයේ අසිරිමත් අවස්ථාවන් සැමකදී ම නිවසේ උත්සවයේ මුල් තැන ලබන්නේ මල් හෙවත් පුෂ්ප ය. උදෑසන ම පිබිදෙන කුරුලු, මී මැසි, බඹර කැලගේ සිත් කුස පුරවාලන්නේ මේ මල්වල රේණු හා මධු බිඳු ය.අනගි ඔසුවක් ලෙස සැලකෙන මී පැණි සැකසෙන්නේ ද මී වදයෙහි මී බේරෙන්නේ ද මේ මධු බිඳුවල මහිමයෙනි.

                      වන හිස් මුදුන් සිසාරා පරිසරය අලංකාර කරන්නේත් සුවඳ විහිදුවා ප්‍රබෝධමත් පරිසරයක් කරන්නේත් මේ මල් ය. උදයට විකසිත වී සවසට මුකුලිත වන අතර තම ස්වභාවය තුළින් ම අපට ලෝකයේ අනියත බව උගන්වයි. සමහර මල් මිනිසාගේ ආහාරයක් ද වෙයි. වෘක්ෂයේ ඵල ගන්වා මිනිසාට අහාර සපයා දීමට මුල පුරන්නේ ද මේ මල් ය. කුඩා ගෙවත්තේ සිට වන උයන් දක්වා හැම තැනක ම සුන්දරත්වය, දිවිය රැකීමට, දිවිය විසිතුරු කිරීමට මලක මහිම බලපා ඇත.


Comments

  1. මුළු පරිසරයක් ම සුවදවත් කරන මල කෙතරම් ප්‍රියජනක ද? 🌸

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...