අතීත සාහිත්‍ය උරුමය...
"සහිත්‍යං රසත්මකං වාක්‍යං"රසවත් වූ වැකිය සාහිත්‍යය යි.එවන් රසවත් වූ අනාදිමත් කාලයක සිට අපට උරුම වී ඇත. සාහිත්‍ය උරුමයන් වනාහි කවර රටක් වුවත් ලබන දායාදයකි.අතීතයේ සිට අප සිරිලක සාහිත්‍යයෙන් පෝෂණය වී ඇත.
සිංහල නිර්මාණාත්මක ලේඛන අතර පැරණි ම ඒවා අපට හමුවන්නේ සීගිරි කුරුටු ගී තුළිනි.'පස්වන කාශ්‍යප රජු 'විසින් රචනා කළ 'දම්පියා අටුවා ගැට පදය' දැනට හමු වී ඇති පැරණි ම කෘතිය ලෙස සැලකේ. සිඛවළඳ හා සිඛවළඳ විනිස, සියබස්ලකර ආදී ග්‍රන්ථ රාශියක් අතීත සාහිත්‍ය උරුමයන්හිලා අපට ලැබී ඇත.
අනුරාධපුර සාහිත්‍ය යුගයෙන් ඇරඹුණු සාහිත්‍ය කෝට්ටේ යුගය දක්වා දිව ගොස් ඇත. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 'කෝට්ටේ යුගය' යි. මෙම යුගයේදී බොහෝ සාහිත්‍ය කෘති රචනා වී ඇත. වෙසෙසින් ම සංදේශ කාව්‍ය වැදගත් වේ. මක්නිසාද යත් කෝට්ටේ යුගයේදී සංදේශ කාව්‍ය පහක් ලියැවී ඇත. එනම් සැළලිහිණි, හංස, ගිරා, පරෙවි, කෝකිල යන සංදේශයන් ය. මෙවැනි විශිෂ්ට සාහිත්‍ය උරුමයන් තුළින් අප රටේ ප්‍රෞඪත්වය පිළිඹිබු වේ.
අප රටේ බිහි වී තිබූ විවිධ සාහිත්‍ය අවධි තුළින් වැදගත්, වටිනා මෙන් ම සාහිත්‍ය රසය ඉස්මතු වන ග්‍රන්ථ, සංදේශ කාව්‍ය, ගී, ප්‍රශස්ති කාව්‍ය ආදී රැසක් ලියැවී ඇත. එසේම සාහිත්‍යකරණයට රජුගේ දායකත්වය ලැබීම ලංකා ඉතිහාසයේ මුල් අවධියේ සිට සොළොස්වන සියවස දක්වා කැපී පෙනෙන ලක්ෂණයකි. " කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත "යන අන්වර්ථ නාමයෙන් "දෙවන පරාක්‍රමබාහු රජු " හැඳින්වූයේ සාහිත්‍යකරණයේ යෙදී සිටි බැවිනි.
මෙලෙස අනුරාධපුර යුගයෙන් ඇරඹුණු සාහිත්‍ය යුගය විවිධ සාහිත්‍ය යුග පසු කරමින් නොනැසී පැවති අපේ අතීත සාහිත්‍ය රැකගැනීම අපගේ යුතුකමකි. වත්මන් සිංහල සාහිත්‍ය මේ සියල්ල ඇසුරේ නිර්මාණය වෙයි. අපි ඉදිරි පරපුරටත් මේ අතීත සාහිත්‍ය උරුමයන් උරුම කර දෙමු.
🌼ලංකාදීප පුවත්පත -තක්සලාව 🌼
🌼පාසල් මාධ්‍ය සමාජය(school media club)🌼

👍🥰
ReplyDeleteපැරණි සාහිත්‍යයෙන් කලාත්මක රසයක් දැනේ 😍
ReplyDelete