තිරසර ගුණැති උතුමෝ පර වැඩෙහි ම යෙදෙති...

වරසුර පුරෙහි වත් නො වසති නිරය ලෙද
ගොරතර නිරෙහි වත් පරනට වැඩ ඇතිද
සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ "
"බෙහෙවින් ස්ථිරසාර ගුණැති සත් පුරුෂයෝ අනුන් හට යහපතක් නොවේ නම් උතුම් දෙව් ලොව වුවත් නිරය මෙන් සලකා එහි වාසය නොකරති. අනුන් හට වැඩක් සැලසේ නම් අතිශය ඝෝර වූ නරකාදියෙහි වුවත් දෙව් ලොව සේ සලකා නිතර කල් ගෙවති. "මෙලෙස ස්ථිරසාර ගුණ ඇති උතුමෝ අනුන් සඳහා ඇප කැප වී වැඩ කරති. ඔවුන් මෙත්තා, කරුණා ආදී සතර බ්‍රහ්ම වියරණ ගුණ ඇති ද ඉවසීම, අනුන්ට ආදර්ශවත් බව,කැපවීම ආදී සුදන ගුණවලින් පිරිපුන් බව අපට පැහැදිලි වේ. එසේ ඔවුහු අන් අයට ආදර්ශවත් ලෙස තම දිවිය ගත කරති.
මෙම තේමාවෙහි සඳහන් පරිදි මෙයට සුදුසු ම නිදසුන ලෙස අපට බුදුරජාණන් වහන්සේ දැක්විය හැකි ය.උන් වහන්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී සියල්ලන්ගේ ම හිතසුව පිණිස පතුරුවමින් දහම් දෙසූ සේක. එසේම පන්සාළිස් වසරක් මුළුල්ලේ මනුෂ්‍යය වර්ගයාගේ ගම් නියම්ගම් සිසාරා ගොස් දහම් දෙසා ඔවුන් නිවැරදි මඟට යොමු කළ සේක.ඒ සියල්ල ම උන් වහන්සේගේ හිත පිණිස නොව අන් අය උදෙසා ය.
මෙලොව වාසය කළ වාසය කරන සියලු ම සත්ත්වයන්ට ආදර්ශවත් ලෙස කටයුතු කළ සේක. බුදු රජාණන් වහන්සේගේ අනතිමානී ගුණය, අසරණ අයට පිහිට වීමේ ගුණය ආදිය මිනිසුන් හට ආදර්ශයක් ගෙන දුනි. කෙසේ වෙතත් සමහර පුද්ගලයෝ තම සුබසිද්ධිය උදෙසා ආත්මාර්ථකාමීව කටයුතු කරති. ඔවුන් අනුන් ගැන නොසිතති.
අපිත් බුදු රජාණන් වහන්සේ මෙන් අන් අයගේ හිතසුව පිණිස කටයුතු කරමු. ස්ථිරසාර ගුණ ඇති උතුමන් මෙන් අපි පර වැඩහි ම යෙදෙමු. එලෙස ක්‍රියා කිරීම මඟින් 'තිරසර ගුණැති උතුමෝ පර වැඩෙහි ම යෙදෙති.'යන කියමන අපට සනාථ කළ හැකි ය.
🌼සිළුමිණ පුවත්පත🌼
⭐️සිත්මල් යාය -ළහිරු මඬල ⭐️


හරවත් ලිපියක්.
ReplyDeleteඅන් අයට උපකාර කිරීම කුසලයකි. හොඳ ලිපියක්.
ReplyDelete