අපේ ලෝකය...
රජවරුන් සිටුවරුන්
මැති ඇමතිවරු රැස්ව
හඬනගා කියනවා
දරන්නේ මේ ප්රබල වෑයමක්
පාට පාට සමනලුන්
සුවඳ මල් පිරි මඟක
දෙපියලා වඩම්මා
රජවරුන් පිරි ලොවක
මිණි කිරුළු පළඳවා
අභිෂේක කරන්නලු
අපි සැවොම
සතරතින් උඩ නැගෙන
පිරි විස දුමාරය
ලෝකයට අරක්ගෙන
මද නලෙනි ලෙළ දිදී
සිහිල ගෙන දෙන නිබඳ
ළදලු ගිනි ගෙ දැවී
තුරුලතා සා මුවන්
ගජ ඇතුන් වග වළස්
කැළ කලින් මියැදිලා
ගිරිසිකර හිම පුරා
ඇද හැලෙන දිය දහර වියැකිලා
ගිනි නැගෙන පුලින තල මතු වෙලා
අප නමින් දිව රැයේ
ඔබ වෙහෙස වී තනන මන්දිරේ
අප සැවොම තනි වෙලා
නැත විහඟ මියුරු ගී දෙසවනට
නෙත පිනන සොඳුරු රූ
හිරවෙලා සිතුවමට
හිරු නොපායන ලොවක
ඔබ සදන රජ දහන
අභිෂේක ලබාගෙන කුමකට ද?
තුරු සෙවන සැතපිලා
මද නලිනි සැනසිලා
විහඟ මධු ගී අසා
හිරු එක්ක හිනැහිලා
මල් සුවඳ හද පුරා
සඳ කුමරි දෙන පෙරා
රන් තැටියේ කිරි උරා
හිඳින්නට අත්වැල් බැඳන්
රජතුමනි සිටුතුමනි
ඔබගෙ ඔය මන්දිරේ
පියසි පදනම් පවුරු
කඩා සුනුවිසුණු කොට
අපට අත වනනු මැන

🥰
ReplyDeleteහරි ම ලස්සනයි 🥰
ReplyDeleteලස්සනයි 👍
ReplyDelete