(2019)
🌼මගේ මව්පියන්ගේ සරසවි අඳුරුතුමියක් වූ මහාචාර්ය කුසුමලතා ලංකාමුල්ල අඳුරුතුමිය හමු වූ එක් සොඳුරු මොහොතක්....🌼
මෙම ඡායාරූපය මගේ ජිවිතේ අමතක නොවන ම සුන්දර මතක සටහනකි. ඒ මොහොත හරි ම ආදරණීය යි.එය කෙතරම් ආදරණීය ද යන්න මගේ සහ ඇයගේ සොඳුරු සිනහවෙන් පෙනේ.සැබැවින් ම ඇය හරි ම කාරුණික නිරහංකාර චරිතයකි.
................................................................................
මල්ලිටයි මටයි හරි ම සතුටුයි😊. මොකද අම්මාගෙයි අප්පච්චිගෙයි විශ්වවිද්යාලෙට ගියානේ. මම නම් හරි ම අසාවෙන් හිටියේ සුනිල් ආරියරත්න සර් බලන්න අම්මාගේයි අප්පච්චිගෙයි සර් කෙනෙකුත් වෙන නිසා. මම ඉතින් සර්ත් එක්ක දූරකථනයෙන් කතා කරලා තිබුණාට දැකලා තිබුණේත් නෑ. එත් දැන් සර් එන්නේ නෑ කිව්වා.ඔන්න අපේ අම්මා අහනවා "මැඩම් වර්ෂා දැන් කොහේද ඉන්නේ "කියලා. බලනකොට වර්ෂා අක්කාත් ඉන්නේ ජපුරේ ම තමයි කිව්වා.අපේ අම්මත් තවත් කතාවක් කිව්වානෙ "වර්ෂා පොඩි කාලේ අපිත් එක්කමයි හිටියේ " කියලා🥰.ඒ කතාබහ පැරණි සොඳුරු සිද්ධි එක්ක ලස්සනට ගත වුණා😍.ඒ වගේ ම ඊට පස්සේ අපි ගියා සමන් සර් ඉන්න තැනට. ඔන්න දැන් කුසුම් මැඩම් කියනවා මේ ඉන්නේ උපුල් අර "කවියා" කියලා කියන්නේ මේ එයාගේ නොනයි දරුවෝ දෙන්නයි කියලා. අහ් උපුල්නෙ මේ කියලා සර් අපේ අප්පච්චිට පිටට තට්ටුවක් දාලා කිව්වා . සමන් සර් නම් හරි ම විනෝදජනකයි🤗. රසබර කතා සාගරයක ගිලෙමින් එදා කාලය ගත වුණා.එදා දවස ජිවිතයේ අමතක නොවන සුන්දර දවසක් වුණා. 🥰🥰🥰

ජීවීතය එළිය කරන්න අත දෙන ගුරු මෑණි පියවරුන්ට උපහාරයක්ම වේවා ❤️💐
ReplyDelete🥰
ReplyDeleteආදරණීය හමුවක් 🥰
ReplyDelete❤️
ReplyDelete