සුන්දර ශ්‍රී ලංකා...

    






        "පෙරදිග ලෝකයේ මුතු ඇටය" යන විරුදාවලිය ලත් සිරිලක් මව ස්වභාව සෞන්දර්යයෙන් අන් සියලු රටවල් පරදවන්නී ය. දුටුවන් මන නුවන් බඳිනා නීල කරදිය වළල්ලෙන් වට වූ මේ සුන්දර දිවයින වටා පිහිටි වෙරළ තීරය සිරිලක් මවගේ ගෙල බැඳි මුතුපොටක් සේ ය. ගංගා, ඇලදොළ, කඳුවැටි, තැනිතලා, වනපෙත් ආදියෙන් අලංකෘත වූ ජෛව විවිධත්වයට හේතු වූ අපා, දෙපා, සිව්පා, බහුපා ප්‍රජාවට වාසභූමි වූ මේ දිවයින ස්වභාව සෞන්දර්යය ලැගුම් ගත් පාරාදීසයක් බඳු ය. සොබාදහමේ දායාද ලෙස උරුම වූ ස්වභාවික සම්පත් හේතුවෙන් සශ්‍රීක ය. ධන ධාන්‍යයෙන් අහාරපානාදියෙන් සමෘද්ධිමත් ය.

                     මාතෘභුමියේ ඓතිහාසික වෘත්තාන්තය අප මනසේ අභිමානය ජනිත කරන්නේ ය. ප්‍රතාපවත් නරපතියන්, අභීත සෙන්පතියන්, වීර වික්‍රමාන්විත රණවිරුවන් ජාතියේ, දේශයේ නිදහස හා උරුමය රැක ගැනීමට ජිවිත පරිත්‍යාග කළ සටන් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. වැව්, අමුණු, වෙහෙර විහාර, දාගැබ්, ප්‍රතිමා, කැටයම්, ලලිත කලා, සාහිත්‍ය ආදී සංස්කෘතික උරුමයෝ ජාතියේ,දේශයේ ප්‍රෞඪත්වය හා අභිමානය ලොවට කියා පාන්නෝ ය.අපේ රටේ ස්වභාව සෞන්දර්යය කියා නිම කළ නොහැකි ය. අපි සියලු දෙනා ම එක් වී දිවි පරදුවට තබා අපේ මේ සුන්දර සිරිලක් මව රැක ගනිමු.

   🌼"සිළුමිණ "පුවත්පත - 'ටිකිරි හමුව'🌼

Comments

  1. සුන්දර සිහලදීපයේ ඉපදීමත් අභිමානයක් 🥺💐

    ReplyDelete
  2. ලංකාව පිරිහෙමින් පවතින කාලයක් මෙවන් ලිපියක් දැකීමත් සතුටක් 🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...